මලය යනු කඳුකර වන අතර නාඩු යනු ප්‍රදේශය යන්නයි. දෙමළ නිජ බිම් සංකල්පය ශ්‍රී ලංකාව තුල විවිධාකාරයෙන් ස්ථාපනය කිරීමට සැලසුම් කරන්නේ දමිළ ජනතාව නොවේ. දෙමල නිජබිම් සංකල්පය යනු දහනම වන සියවසේ දී ඇමෙරිකන් මිෂනාරීන් විසින් අධ්‍යාපනය ලබා දී බලවත් කරන ලද දෙමළ ප්රභූන්ගේ මනස්ගාතයකි. එවැනි සංකල්පයක් ඇති කරගත් කිසිම දමිළ සිවිල් පුරවැසියෙකු යාපනයේ ජීවත්ව සිට නැති බව ඉතිහාස වාර්තා පෙන්වා දෙයි.
දැන් මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින්නේ සියලුම අංශයන් වලින් බිඳ වැටුණු රාජ්‍යයකි. මේ බිඳ වැටුණු රාජ්‍යයේ මලය නාඩු නොහොත් කදුකර අධිරාජ්‍ය බිහි කිරීමේ අසාර්ථක මෙහෙයුමද තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බැව් වාර්තා වේ. මේ වාර්තාව පිලිබඳව තව දුරටත් අප විමර්ශනය කරමින් පවතින අතර සියලු තොරතුරු සාක්ෂි සහිතව අනාවරනය වූ වහාම ඒවාද අප ඉදිරිපත්කරන අතර මේ අනාවරනය කරන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුදධි සේවය මෙන්ම යුධ හමුදා බුද්ධි අංශවලට තොරතුරු සොයාගැනීම සඳහා පදනමක් ලෙසය.
ශ්‍රී පාදස්ථානය අවට ඉඩම් අක්කර 118 ක් සහ මස්කෙලිය ප්‍රදේශයේ 240 ක් පමණ සෞදි රාජ්‍යයේ පුරවැසියෙකුට විකුණා තිබෙන බව මෙන්ම සහ රජයට අයත් තවත් ඉඩම් ගනනාවක් චිනයටද විකුණා තිබෙන බව එම ප්‍රදේශවල ජනතාව දැඩි කනස්සෙල්ලෙන් කතා කරති.
නුවරඑළිය කදපොල බසාර් යනු 1992 රාජ්‍ය වතු පෞද්ගලිකකරණය කිරීමේ පනතට 99 අවුරුද්දට බදු දී ඇති කොන්කෝඩියා වත්තේ කොටසක්ද මෙසේ කුණු කොල්ලයට විකුණා තිබෙන බවද වාර්තා වේ.
ඒ අකාරයෙන් කටයුතු සිදුවෙමින් පවතින බව සත්‍යයක් නම් හෝ එසේත් නැති නම් දමිළ නිජබිම් සංකල්පයට යන දමිළ ප්‍රභූවරුන්ගේ මලය නාඩුව පිහිටුවීමේ යම් යටි අරමුණක් ක්‍රියාත්මක වන්නේ නම් එය අනාගතයේ තවත් විනාශයක ආරම්භයක් ස්ථීර වශයෙන්ම සිදු වේ. එය ඉන්දියාවේ බලපෑම මත හෝ දමිළ ප්‍රභූවරුන්ගේ උපක්‍රමශීලී ක්‍රියා මත නැවත දමිළ – සිංහල ගැටුමක් ඇති වීමේ දීර්ඝකාලීන සැලසුමට ඉඩ නොදිය යුතුය.
එය එසේ වුවහොත් ඉන් ශ්‍රී පාදස්තානයේ අවසානය එය විය හැකි අතර පිදුරුතලාගලද ශ්‍රී ලංකාවට අහිමිවනු ඇත. මේවා සුරක්ෂා කල යුතුය. ඒවා එසේ සිදුවූහොත් එයින් සිදුවන්නේ වාල්මිකිගේ රාමායනයේ නොලියු ඉතුරු කොටස මෝදි විසින් ලිවීම විය හැකිය. නැවත ගැටුම්, ඇතිවෙමින් එය අනාගත පරපුරකට දායාදා කිරීමට අප ඉඩ නොදිය යුතුය.
කෙසේ වෙතත් මේ පිලිබඳව දීර්ඝ වාර්තාවක් අප ඉදිරියේදී ගෙන එනු ලබන අතර එය සාක්ෂි සහිතවම ස්ථීර වශයෙන් කරන අනාවරණයකි. එතෙක් මේ පිලිබදව සොයා බලා ජාතික ආරක්ෂාවට අනාගතයේදී හෝ අනතුරක් වීමට ඉඩ නොතැබීම ආරක්ෂක අංශවල වගකීම වේ.