විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි තරුණයන් හතර දෙනකු වටවල පොලිසිය විසින් 23වන දින උදැසන අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ යුක්තිය මෙහෙයුමට සමගාමිව කරන ලද මෙහෙයුම්වලදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි තරුණයන් හතරදෙනකු අත් අඩංගුවට ගත් බවත්ය.
ගම්පහ කුරුණෑගල යන ප්‍රදේශවල සිට ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා විවිධ මත් ද්‍රව්‍ය රැගෙන පැමිණීමේ චෝදනා මත අත් අඩංගුවට ගන්නා ලද මෙම තරුණයන් හතර දෙනා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.