මෙම සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනිමත් සමග එම වන්දනාකරුවන් පැමිනි රථ වාහන වලින් නල්ලතන්නිය රථ ගාල් පිරි ගිය බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ. පි. එස්. වීරසේකර මහතා පවසයි.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ පසුගිය 16, 17යන දෙදින තුලදිද ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනි බවත්ය.
මෙසේ වැඩි වශයෙන් වන්දනාකරුවන් පැමිනිමත් සමග එම වන්දනාකරුවන් රැගෙන පැමිනි රථ වාහනවලින් නල්ලතන්නිය රථ ගාල් තුනම පිරි ගිය බවත් එම තත්වයන් මත එම වන්දනාකරුවන් රැගෙන පැමිනි තවත් රථ වාහන රාශියක් නල්ලතන්නිය මස්කෙළිය මාර්ගයේ ක්‍රිලෝ මිටර් දෙකකට ආසන්න ප්‍රදේශයක මාර්ග අයිනේ නතර කර තැබිමට පියවර ගත් බවත්ය.
ශ්‍රිපාදය වැද පුදා ගැනිම සදහා පැමිනෙන සියළුම වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතාගේ උපදෙස් මත වීශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇති බවත් ඒ සදහා නිල ඇදුමින් මෙන්ම සිවිල් ඇදුමින්ද සැරසුන නිලධාරින් යොදවා ඇති බවද වීරසේකර මහතා වැඩි දුරටත් පැවසිය.