ශ්‍රී පාද බැතිමතුන් පුද්ගලික රථ වාහන භාවිතය දැඩි ලෙස අඩු වෙලා

දුරුතු පුන් පොහෝ දිනයේ ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා වැඩි වන්දනාකරුවන් පැමින සිටි අතර එම වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා විශේෂ ආරක්ෂ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නල්ලතන්නිය පොලිසිය කටයුතු කර තිබුණි.


මෙසේ පැමිනෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතාගේ උපදෙස් මත වීශේෂ ආරක්ෂක සැලසුමක් ක්‍රියාත්මක කර තිබුණි.


මෙවර ශ්‍රිපාදය වන්දනා කිරිම සඳහා වන්දනාවේ පැමිනෙන වැඩි පිරිසක් දුම්රිය හා මගි ප්‍රවාහන බස් රථ වැනි පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරමින් පැමිනෙන බවත් එම තත්වයන් මත ශ්‍රිපාද වන්දනාකරුවන් රැගෙන පැමිනෙන පුද්ගලික රථ වාහන දැඩි ලෙස අඩුවි ඇති බවද පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කරන ලදී

Exit mobile version