මේ දින වල ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන් ගෙන් විවිධ වර්ගයන්වල මත්ද්‍රව්‍ය රැගෙන ගිය පුද්ගලයන් 35 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැටන් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සමත්ව ඇති බව වාර්තා වේ.
ගෙවුණු දින දෙක තුල එම නිලධාරීන් සහ පොලිස් නිළ සුනකයන් යොදාගනිමින් මෙම මෙහෙයුම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර ගංජා, මදනමෝදක, මත් පෙති, හෂීස් වැනි මත්ද්‍රව්‍ය තිබු බවයි එම නිලධාරීන් පවසා ඇත්තේ.
මෙසේ අත්අඩංගුවට ගත් අය දෙමාපියන් නැතිව ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වයස අවුරුදු 18 ත් 25 ත් අතර පසුවන අය බවයි වාර්තා වන්නේ.