අප සියලු වාර්තා කිරීම සිදු කරන්නේ කිසිවෙකුට හිත රිදවීමේ චේතනාවෙන් නොවේ. නමුත් යමෙකුගේ වරදක් නිසා ජනතාවගේ බලාධිකාරියක් විනාශ වන්නේ නම්, එම විනාශයේ ප්‍රතිපලයක් ලෙස සමාජයට දැවැන්ත ව්‍යසනයක් සිදුවන්නේ නම් එය වලක්වා ගැනීම උදෙසා වාර්තා කරමින් බලධාරීන්ට සත්‍ය අසත්‍ය සොයාගැනීමට පහසු කිරීම අපගේ කර්තව්‍යය වේ. එසේම වාර්තා කරන සියලුම කරුණුවලට කුමක් හෝ සාධකයක් අප සතුව තබාගෙන පළකිරීම් කිරිමත්, එම පළකිරීමෙන් පසුව අනෙක් පාර්ශ්වයට කරුණු දැක්වීමටත් අවශ්‍ය ඉඩකඩ ලබා දීමත් මාධ්‍යකරණයේ නීතියකි. අප එය අකුරටම ඉටුකරයි.
බන්ධනාගාරය සම්බන්ධව මේ වන විට අප පුවත් කිහිපයක් පළකර තිබේ. එම පුවත් පළකිරීමෙන් පසුව පසු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ඒ සම්බන්ධව අවධානය යොමු කරන තිබෙන බව පෙනෙන්නට තිබෙන බව බන්ධනාගාර නිලධාරීන් පවසයි. එය අපට මෙන්ම පීඩිත සැබෑ අවංක බන්ධනාගාර නිලධාරීන්ගේ සතුටට කරුණකි. යම් පුද්ගලයෙකු අධිකරණයෙන් බන්ධනාගරයට බාරදෙන මොහොතේ සිටම, එසේ නොමැතිනම් උසාවි කුඩුවෙන් එලියට ගන්නා ස්ථානයේ සිටම බන්ධනාගාර නිලධාරීන්ගේ ගැසිල්ල පිලිබඳව මනා අත් දැකීම් මේ ලියුම්කරු සතුව තිබේ.
වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ චෝදනා රැසක් සහිත උසස් නිලධාරිනියගේ ක්‍රියාකලාපය අප පසුගිය දිනවල අනාවරණයන් සිදු කරන ලදී. ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජනරාල් තුසිත උඩුවර ට උපදෙස් ලබාදී ඇත්තේ බන්ධනාගාර කාන්තා අංශය සෝදිසියකට ලක් කරන ලෙසයි. බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් එම කාන්තා අංශයේ එක් කොටසක් පරික්ෂා කිරීම පසුගියදා සිදු කර ඇත. එම අවස්ථාවේදී රැඳවි කාන්තාවන් සතුව තිබූ ජංගම දුරකථන 5ක් ජංගම දුරකථන චාජර් පහක් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් හමුවී තිබෙන බව වාර්තා වේ. ඒවා බොරැල්ල පොලිස් ස්ථානය වෙත බර දී තිබෙන බැව් වාර්තා වන අතර එය තහවුරු කරගැනීම සදහා බොරැල්ල පොලිස් ස්ථානාධිපතිට ඇමතුම් ලබා ගත්තත් වර්ශාව සමග ඇතිව තිබෙන සංඥා ගැටළුවක් නිසා හෝ යම් තාක්ෂණික දෝෂයක් නිසා එය ව්‍යර්තව ගියේය.එසේම මෙම ජංගම දුරකථන බන්ධනාගාරයට රැගෙන විත් ඇත්තේ රුපියල් 20000 කට වඩා අධික මුදලක් අල්ලස් ලෙස ලබා දී බවද වාර්තා වේ.
ලංකාවේ බොහෝ ආයතනවල තිබෙන මාධ්‍ය මගින් ඔවුන්ගේ වංචා, දූෂණ මෙන්ම අක්‍රමිකතා පිටතට ලබා නොදේ. මෙම සිද්ධියද බන්ධනාගාර මාධ්‍ය ඒකකය මගින් ප්‍රසිද්ධ කර නැත. නමුත් එසේ නොකිරීමට ඔවුන්ට අයිතියක් ඇත. නමුත් වැසිකිලි විවෘත කිරීම වැසිකිළි වලට මුල්ගල තැබීම පමණක් මාධ්‍යවලට අනාවරණය කළ ද මෙවැනි සිදුවීම් කිසිවක් මාධ්‍යයට අනාවරණය නොකිරීම සම්බන්ධව ද ගැටලුවක් ඇති බව බන්ධනාගාර නිලධාරීන් පවසයි. සියල්ලම සමබර වුයේ නම් බන්ධනාගාර නිලධාරීන්ම තමන්ගේ ආයතනය තුල සිදුවන වැරදි පිලිබඳව වැඩිය තැකීමක් නොකරනු ඇත.
නමුත් මෙවැනි දූෂණ, වංචා, දූෂණ මෙන්ම රාජ්‍ය විරෝදී ක්‍රියාවන් මාධ්‍යයට අනාවරණය කිරීමට කටයුතු නොකරන්නේ බන්ධනාගාර මූලස්ථානයේ සිටින උසස් නිලධාරියෙකු මෙම චෝදනා රැසක් සහිත නිලධාරිනිය රැකීමට මුර දේවතාවකු ලෙස කටයුතු කරන බැවින් වග මුලස්ථානයේ නිලධාරීන් කතා වෙති.
මෙම හදිසි සෝදිසියකට ලක් කිරීමට උරණ වූ චෝදනා ලක්ව සිටින වැලිකඩ කාන්තා අංශය නිලධාරිනිය අද (6) උදෑසන බන්ධනාගාර මූලස්ථානය කොමසාරිස් ජනරාල්වරයා හමුවීමට පැමිණ තිබුණි. එහෙත් කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් රාජකාරිමය කටයුත්තක් සඳහා බැහැරට ගොස් තිබේ. පසුව සියලුම කාර්යාල නිළධාරීන් ඉදිරියේ ඇය නිලධාරීන්ට තර්ජනය කරමින් ඉතාමත් කුපිත අයුරින් හැසිරී ඇති බව බන්ධනාගාර නිලධාරීන් පවසයි.
අපගේ අනාවරණයන් ගෙන් පසුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගකිවයුතු අවංකව රාජකාරී කරන නිලධාරීන්ගේ දෙනෙත මෙම දුෂ්ඨ ක්‍රියාවන් සම්බන්ධ යොමු වීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත් වෙමු. එසේම බන්ධනාගාරයේ අවංක සාමාන්‍ය ජෙලර්ගේ සිට බන්ධනාගාරයේ අවංක උසස්ම නිලධාරීන් දක්වාම අපගෙන් දැවැන්ත සේවයක් බලාපොරොත්තු වේ. එබැවින් අපට වාර්තා වන සියලුම දේවල් අප ඒ ආකාරයෙන්ම වාර්තා කරන අතර ඒවායෙහි සත්‍ය අසත්‍ය හැකිතාක් උපරිමයෙන් සොයා බලා වාර්තා කරයි. නමුත් සාක්ෂි නීතියට අනුව සොයා බලා කටයුතු කිරීම මෙන්ම නීත්‍යානුකූලව කටයුතු සිදු කිරීම බලධාරීන්ගේ වගකීම වේ. එබැවින් ඉදිරියේදී තවත් අනාවරණයන් රැසක් පලකිරීමට මේ වන විටත් කටයුතු කර තිබේ. එසේම නිදහස ලබා එලියට පැමිණෙන සිරකරුවන් මෙම බන්ධනාගාර ගතව එලියට එන පුද්ගලයන් ද විශාල ප්‍රමාණයක් අපගේ සම්මුඛ පරික්ෂණවලට යොදාගෙන තිබේ. එබැවින් තවත් අනාවරණයක් රැසක් අප ඉදිරියේදී පළකරන්නෙමු.