අප අද මේ පුවත ලියා පළකරන්නේ වෙනදා මෙන් දැනුමට යමක් එකතු කරමින් නොවේ. අප බන්ධනාගාරය හා සම්බන්ධ සියලුම පුවත් වල දනුමටද යමක් එකතු කරමින් පළකිරීම් කර තිබේ. “අතීසාරයට අමුඩ ගැසීම” අප සිංහල භාෂාවේ පැරැණි කියමනකි. එම වදන බන්ධනාගාරයට වඩාත් වැදගත් වන්නේ “ශ්‍රී රාවණා ලංකා පුවත් සේවය” මගින් සිදුකල අනාවරණයන් වලට අවශ්‍ය නීතිමය කටයුතු කරනවා වෙනුවට “ ශ්‍රී රාවණා ලංකා” මර්ධනයට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවට ලැබෙන තොරතුරු නිසාය.
බන්ධනාගාරවල දූෂිත චෝදනා රැසක් සම්බන්ධව අප කළ අනාවරණයෙන් පසු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සමග දූෂිත උසස් නිලධාරීන් කිහිප දෙනෙකු එකතු කර මාධ්‍යයට තොරතුරු ලබා දුන්නේ කවුදැයි සෙවීමට සාකච්ඡාවක් පවත්වා තිබේ. එම සාකච්ඡාවට රජයේ පුවත්පතක මාධ්‍ය වේදිනියක් ද සහභාගි වී ඇත. එම පිරිස අතර කුතුහලයක් වී ඇත්තේ බන්ධනාගාර තොරතුරු එළියට යාම සම්බන්ධයෙන්ය. එම මාධ්‍යවේදීනිය විසින් බාරගෙන ඇත්තේ මෙයට සම්බන්ධ මාධ්‍යවේදීන් කව්දැයි දැයි සෙවීමට ය.
දැන් ඉතින් ඇයට එම කාර්යය සිදුකළ යුතුව තිබේ. නමුත් අපට ලියන්නට සිදුවන්නේ එම මාධ්‍යවේදිනිය “පව්” කියා පමණි. ඇය විසින් ලබාගන්නා ලද සන්තෝසම් තුටුපඬුරු වලට කළගුණ සැලකීමට මෙම කාර්යය සිදු නොකළහොත් ඇයටද මාධ්‍ය සදාචාරය උල්ලංඝනය කරන බවට චෝදනා එල්ල විය හැක. අපගේ අනාවරණයෙන් පසු දූෂිත නිලධාරීන් විසින් තමන්ට ලැබී තිබෙන නිල රථවල වීදුරු තද අඳුරු පැහැ ගැනුණු ලෙස ස්ටිකර් ඇලවීමට ද නියෝග කර තිබේ.
එසේම වෙනදාමෙන් කොමසාරිස් ජනරාල්වරයා ටෙනිස් ක්‍රීඩා කිරීමට පැමිණියේ ද වෙනදා මෙන් සැහැල්ලුවෙන් නම් නොවන බවද වාර්තා වේ. ඊයේ (8)ඔහු ටෙනිස් ක්‍රීඩා කිරීමේ දී ටෙනිස් පිටිය වටා ආරක්ෂක වළල්ලක් යොදා තිබු බවද තොරතුරු ලැබී තිබේ. අපගේ අනාවරණයන් හේතුවෙන් දූෂිත නිලදාරීන් විසින් තමන්ට ද තර්ජනයක් වී ඇති බව පෙන්වීමට දැඩි උත්සාහයක නිරතවන බව බන්ධනාගාර අභ්‍යන්තර තොරතුරු වාර්තා පවසයි.
නමුත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමනි, අප මෙම අනාවරණයන් සිදු කරන්නේ ජීවිතයට තර්ජනයක් නොකිරීමට බව අප මාධ්‍යවේදීන් වශයෙන් සහ පිළිගත් මාධ්‍ය ආයතනයක් ලෙස ඉතාම වගකීමෙන් සදහන් කරන්නෙමු. අපගේ අනාවරණයන් වලින් අදාළ කටයුතු සිදුනවන්නේ නම් “ ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය” විසින් එම තොරතුරැ සහිත ලිපිගොනූ සමග ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ජනාධිපති, අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂම මෙන්ම අධිකරණ කටයුතු පවා සිදුකරනු ඇත. එය කල යුත්තේ නිසි බලධාරිය ලෙස ඔබතුමා වුවත් ඔබ නොකරන්නේ නම් එය අපගේ සංවිධානය මගින් සිදුකරයි.
එබැවින් රාජ්‍ය සේවකයන් ලෙස වටින්නේ සහ විය යුත්තේ මෙම සිදුවීම් වලින් යම් වරදක් සිදුව තිබෙන්නේද යන්න සොයා බල කටයුතු කිරීමයි. එසේම පසුගිය සෙනසුරාදා ඔබ සමග පිරිසක් රහසිගතව මුණගැසීමට ගිය පුද්ගලයා යි කවුදැයි ද යන්නද අප දනිමු . කෙසේ නමුත් උසස් පුද්ගලයන් මුණ ගැසී ඔබ ආයතනයට එල්ල වන චෝදනා වසා ගැනීමට උත්සාහ කලද වීඩියෝ, ලිකිත සහ වාචික සාක්ෂි මතින් ගොඩනැගී තිබෙන වැරදි වස ගැනීමට නොහැකි බව අප අවධාරණය කරන්නෙමු. අප මාධ්‍ය අයතනය තවත් මානව වාදී ප්‍රබල ස්වෙච්චා සංවිධානයක් සමග පුළුල් සම්බන්ධීකරණයන් සමග මානව දයාව පෙරටුකරගෙන ක්‍රියාත්මක වන වේ. එබැවින් කල යුත්ත පසෙක දමා ඔත්තු සෙවීමෙන් හෝ වෙනත් රාජ්‍ය මාධ්‍යවේදිනියන් හරහා වත් අපට ලැබෙන තොරතුරු ලබා දෙන්නේ කවුදැයි යන්න හෝ අප සතු සාක්ෂි ලබා ගත නොහැකි බවද අවධාරණය කරන්නෙමු.