අප ආයතයට ලැබුණු තොරතුරු ඔස්සේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මෙජර ජනරාල් මෙත්තානන්ද නමැති නිලධාරියෙකුගේ වංචා, දුෂණ ගණනාවක්ම අනාවරණය කරන ලදී. ඊට අමතරව අප විසින්ම අපසුගිය 4 වැනිදා පලකරනු ලැබූ තවත් පුවතකින් කියවුනේ යුධ හමුදා නිලධාරීන්ගේ සිවිල් බිරින්දෑවරුන්ට කරන ලද ප්‍රකාශයකි. එම පුවත පහත දැක්වෙන අතර, එම පුවතින් පසු පසුගිය 5 වැනිදා ඔහු එතෙක් සිටි පොදු සේවා බලකායේ බලකාධිපති තනතුරින් ඉවත්කර තිබේ.
ප්‍රධාන මාණ්ඩලික නිලධාරියා ඉදිරියට කැදවා ඔහු එම තනතුරින් ඉවත්කිරීම නිවේදනය කර තිබේ. ඔහු එම තනතුරෙන් ඉවත් කලද ඔහු නිසා අසාධාරණයට ලක් වූ නිලධාරීන් සහ නිලධාරිනියන්ට යුක්තිය ඉටු විය යුතුව තිබේ. එසේම ඔහු තනතුරින් ඉවත්කල පමනින් වැඩක් නොවේ. ඔහුට එරෙහිව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ගද ගත යුතුය. ඔහු දැරූ බලකාධිපති තනතුරින් ඔහු ඉවත්කලද, මහජන මුදලින් ඔහුගේ නිලයට ලබා දී තිබෙන අනෙකුත් වරප්‍රසාද කිසිවකුත් ඉවත්කර නැත.
කෙසේ වෙතත් යුධ හමුදාධිපතිවරයා ගත් මෙම තීරණයට සමස්ත යුධ හමුදාවම සිය කෘතඥතාවය පිරිනමා තිබේ. කෙසේ නමුත් රාවණා ලංකා අප සතුටුවන්නේ, ඔහුට එරෙහිව නීතිමය කටයුතු කර නීතියෙන් වැරදිකරු වන්නේ නම් ඒ අනුව අවශ්‍ය කටයුතු සිදුවන්නේ නම් පමණි . එහිදී සාක්ෂි නොමැති නම් ඔහු නිවරදී වුවත්, ඔහු වැරදිකරු වුවත් එය අප ලබන මහත් සතුටකි.
ඔහු ඉවත්කිරීමට බලපෑ පුවත පහතින්..