ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් මිලියන 175 ක බැදුම්කර ගෙවීම පැහැර හරීයි .

ශ්‍රී ලංකන් එයාර්ලයින් සිය ස්වාධීන ඉතිහාසය තුළ රට ගිල ගැනීමට ඇති ආර්ථික අර්බුදය මධ්‍යයේ ණය කොන්දේසි සංශෝදනය කිරීමට අපොහොසත් වීමෙන් ඩොලර් මිලියන 175 ක බැදුම්කර ගෙවීම පැහැර හැර තිබෙන බව බ්ලූම් වර්ක් වෙබ් අඩවිය වාර්තා කරයි.

දෙසැම්බර් 25 වන දිනට ගෙවීමට නියමිත කූපන්පත් ගෙවීමට ගුවන් සමාගම අපොහොසත් වී ඇති අතර අදාළ නිලධාරී මණ්ඩලය ප්‍රකාශ කළේ මෙම කූපන්පත් ගෙවීම ගුවන් සමාගම විසින් පැහැරහැර ඇති බවයි.

රටේ ඇති වූ වසංගත තත්ත්වයන් සහ රාජපක්ශ පවුල නිසා ඇති වූ දැවැන්ත විරෝධතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කඩා වැටී රට බංකොලොත්භාවයකට පත් වූ නිසා ඖෂධයේ සිට ගල් අගුරු දක්වා භාණ්ඩ ආනයනය කිරීමට නොහැකි විය .

ජනවාරි 12 වැනිදා කළ දැනුම්දීමකට අනුව එක්සත් ජනපද මුදල් බැදුම්කර සහ ඩොලර් මිලියන 352 ක් සහ රාජ්‍ය බැංකු වලට ගෙවිය යුතු ඩොලර් මිලියන 826ක් ඇතුළුව ගුවන් සමාගමේ මුළු ණයකන්දරාව ඩොලර් මිලියන 771ක් බව කියයි.

මෙම දැනුම්දීමෙහි තව දුරටත් සදහන් වන්නේ 2022 දෙසැම්බර් සහ 2023 ජුනි මාසයේදී ගෙවිය යුතු මුළු ප්‍රමාණය වන ඩොලර් මිලියන 12.25ක පොලී ගෙවීම් 2023 දෙසැම්බර් 25 දක්වා කල් දැමීම හේතුවෙන් ඩොලර් බැදුම්කරයේ නියමයන් සංශෝදනය කිරීමට සමාගම උත්සාහ කර ඇති බවයි.

පසුගිය වසර අවසන් වන විට වාර්ෂික ආදායමෙන් 3%ට සමාන ද්‍රවශීලීතාවයක් තිබූ අතර , පොලී ගාස්තු 2023 – 2024 දී වාර්ෂික ආදායමෙන් 9%ක් ලෙස දැකගත හැකි වූ බවද කියයි.

Exit mobile version