ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් හිමිවූ අලුත්ම තැන.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ එකම සහ ලෝකයේ ආරක්ෂිත සංචාරක ගමනාන්ත සහිත රටවල් අතර 12 වන ස්ථානයේ පසුවන බවට වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබූ  බව සංචාරක හා ඉඩම් අමාත්‍යංශය සඳහන් කරයි.

එමෙන්ම තවත් සතුටට කුරුණක් වන්නේ එම වෙබ් අඩවිය විසින්, ලෝක සංචාරකයින් නැරඹිය යුතුම ස්ථානයක් වශයෙන් සීගිරිය නම්කර තීබීම බව එම අමාත්‍යංශය පෙන්වා දී ඇත.

ඒ අනුව එම රටවල් ලැයිස්තුවේ පිළිවෙළින් අයිස්ලන්තය, ස්විට්සර්ලන්තය ,ඩෙන්මාර්කය, නවසීලන්තය, කැනඩාව,ස්පාඤ්ඤය ,පෘතුගාලය ,අයර්ලන්තය, ජපානය, පෝලන්තය සහ ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින රටවල් වශයෙන් දැක්වේ.

රටම කඩා වැටී ඇති පසුබිමක් තුළ ජාත්‍යන්තරයෙන් මෙවැනි හෝ වටිනාකමක් ලැබීම රටට ආදරය ඇති සාමාන්‍ය ජනතාවට මහත් සතුටක් වනු ඇත.

කෙසේ නමුත් මෙවැනි රත්තරං නිධියක් උඩ හිඳිමින් හිඟාකන රටක් බවට පත්ව තිබීම කෙතරම් අභාග්‍යයක් ද?

අද වන විට රට තුළ වටිනා සම්පත් රාශියක් තිබියදීත් ජාත්‍යන්තරය හමුවේ හිඟා කෑමට සිදුව ඇත්තේ පාලන ක්‍රියාවලියේ පවතින දුර්වලතා හේතුවෙන් බව ද ජනතාවට මේ වන විට හොඳින් අවබෝධ වී තිබිය යුතුව ඇත.

Exit mobile version