ශ්‍රී ලංකාවට තියුණු ජයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති 2 න පන්දුවාර  20යි 20 තරගයෙන් ලකුණු 16ක විශිෂ්ඨ ජයක් ශ්‍රී ලංකාව ලබා ගත්තා.

තරග 3න් සමන්විත 20යි 20 තරගාවලියේ 2 න තරගයේ කාසිය වාසිය දිනා ගත් ඉන්දීය නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.

ශ්‍රීලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ  කඩුලු 6 ට ලකුණු 206 ක දැවැන්ත ලකුණු සංක්‍යාවක් ලබාගත්තා.

 එහි දී දසුන් ශානක කුසල් මෙන්ඩිස් චරිත් අසලංක තිදෙනාගේ  පිතිකරණය ශ්‍රී ලංකාවට ප්‍රබල වාසියක් විය. දසුන් ශානක ලබාගත් අර්ධ ශතකය ශ්‍රී ලංකා 20යි 20 පිටියේ වේගවත්ම අර්ධ ශතකය වේ. ඒ පන්දු 20කින් ලකුණු 50ක් ලබා ගැනීමයි.

ලකුණු 207ක ජයක්ග්‍රාහී ඉලක්කයක් හබා යාමට පිටියට පැමිණි ඉන්දීය  පිතිකරුවන්  5ක්ම ලකුණු 57ක් වනවිට ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රීලංකා පන්දු යවන්නන් සමත් විය.

හයවන කඩුල්ල ලකුණු 91 සම්බන්දතාවයක් ගොඩනැගුව අතර මදුසන්කගේ පන්දුවක් හමුවේ සූර්යකුමාර් යාදෙව් ලකුණු 51 ට දැවී ගියා.

ඒ අනුව පන්දු වර 20 අවසානයේ ඉන්දීය කණ්ඩායමට ලබා ගත හැකිවුයේ ලකුණු 190ක් පමණි,

පන්දු යැවීමේදී දසුන් ශානක, කසුන් රාජිත හා  දිල්ෂාන් මධුශංක කඩුලු 2 බැගින් ලබා ගන්න ලදී.

Exit mobile version