ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනිය ලෙස පත්ව ආ ජූලි චන්ග් මහත්මාය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යභාර්ය භාරගැනීම තමන්ට ඉමහත් ගෞරවයක් බවයි.
අතීත උරුමය, විවිධ සංස්කෘති හා නූතන සංකීර්ණත්වය ඇතුළුව ශ්‍රි ලංකාව පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමට ද අපේක්ෂා කරන බව සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් ඇය තවදුරටත් සඳහන් කර ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාවට තමන්ව පිළිගැනීම පිළිබඳව ස්තූතිය පළකරන මෙරට නව අමෙරිකානු තානාපතිවරිය වැඩිදුරටත් සිය ට්වීටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ මෙරට බොහෝ පාර්ශව හමුවීමට ඇය අපේක්ෂා කරන බවත් ය.
ඊයේ (18) පස්වරුවේ ඇය දිවයිනට පැමිණියේ සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම සඳහාය.