ශ්‍රී ලංකාවට අලුතින් පත්වී පැමිණි නව මහ කොමසාරිස්වරයෙකු සහ තානාපතිවරු තිදෙනෙක් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන් බව වාර්තා වේ.
එස්වාටිනි රාජධානිය සඳහා නව මහකොමසාරිස්වරයෙක් සහ රුමේනියාව, කිර්ගිස් ජනරජය සහ තුර්ක්මේනිස්ථානය සඳහා නව තානාපතිවරු මෙලෙස පත්වී සිටී.
අද අක්ත පත්‍ර භාරදුන් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ නම් පහත පරිදි වෙයි.
01- මෙන්සි සයිෆෝ ද්ලමිනි මහතා – මහකොමසාරිස් – එස්වාටිනි රාජධානිය
02- ස්ටෙලුටා ආහයර් මහත්මිය – තානාපති – රුමේනියාව
03- අස්කාර් බෙෂිමෝව් මහතා – තානාපති – කිර්ගීස් ජනරජය
04- ශලාර් ගෙල්ඩිනසරොෆ් මහතා – තාතාපති – තුර්ක්මේනිස්ථානය
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටි බව සදහන්.
මේ අතර අද පත්වීම් ලැබු නව මහ කොමසාරිස්වරයා සහ තානාපතිවරුන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සමඟ ද කෙටි සාකච්ඡාවකට ද එක් වි තිබේ.