පවතින නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන් ශ්‍රී ලංකාව පුරා ජනජීවිත අපහසුතාවයට පත්ව තිබෙන බවද, සිදු කර තිබෙන පැමිණිලි විභාග නොකරන පොලිසියක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නැති බවද රාවණා ලංකා ජාතික සංවිධානය පවසයි
එම සංවිධානයේ ජාතික සංවිධායක ශ්‍රී නිශ්ශංක මායාදුන්න මහතා අද මේ බව ප්‍රකාශ කරන ලද්දේ කෑගල්ල දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාලය විවෘත කරමින් කෑගල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා පත් කිරීම සදහා පැවති චාම් උත්සවයකදීය.
මෙහිදී වැඩි දුරටත් කරුණු දැක වූ ඒ මහතා සදහන් කලේ සංවිධානයක් ලෙස එකතුව සිදු කරන ලද සියලු වැඩ සාර්ථක වූ නමුත් දේශපාලන අධිකාරියට සහ නිලධාරී මාෆියාවට යටත් වූ සමහර වැඩ නීතිවිරෝදී ලෙස මාෆියා කල්ලි විසින් සිදු කරගෙන යන බවයි. එසේම මේ වනවිට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා සිදු කර තිබෙන තිබෙන වංචා දූෂණ අක්‍රමිකතා වල විරුද්දව කර තිබෙන පැමිණිලි කිසිවක් නිසි ලෙස විභාග කර නැති බවද, පැහැදිලිවම සාක්ෂි තිබෙන නඩු පවා පොලිස් දෙපාර්තමේන්තුව මගින් ඉවත් කරගෙන ඇති බවද සදහන් කරන ලදී.
සිදු කරගෙන යන වැඩවලදී දක්නට ලැබෙන බොහො වැරදි වලට හේතුව රාජ්‍ය නිලදාරීන් බවද, ඔවුන්ගේ වැරදි වැසීම සදහා බොහෝ පොලිස් නිලදාරීන් කටයුතු කර තිබෙන බවද, වැරදි කර තිබෙන්නේ සාමාන්‍ය රාජ්‍ය සේවකයන් නොව, මාණ්ඩලික ශ්‍රේණියේ නිලදාරීන් බවද ඒ මහතා සදහන් කරන ලදී. තවද, මාණ්ඩලික ශ්‍රේණියේ නිලදාරීන් ආරක්ෂා කිරීම සදහා පොලිස් නිලධාරීන්ද කටයුතු කරන බව පැවසූ ඒ මහතා නීතිය ක්‍රියාත්මක නොවීම නිසා රාජ්‍ය සේවය තුල පවා විවිධ නීති විරෝදී කණ්ඩායම් බිහි වී තිබෙන බවද, මේ වන විට ශ්‍රී ලංකාව පුරාම නීතියට පටහැනිව ජන ජීවිතයට හානි වන කටයුතු සිදු වන බවද මේවායේ පිටුපස සිටින්නේ ආණ්ඩුව හෝ වෙනත් දේශපාලන අධිකාරීන් නොව පොලිසියේ අනුහසින් ක්‍රියාත්මක වන රාජ්‍ය සහ රාජ්‍ය නොවන කල්ලි සහ කණ්ඩායම් බවද පෙන්වා දෙන ලදී. එසේම සමහර ස්ථානවල දේශපාලකයන් නැතිවාම නොවන බවද සදහන් කරන ලදී.
පුරාවිද්‍යා පනතට එරෙහිව යමින් ඇඹිලිපිටියේ ඉදිකරනු ලබන සන්නිවේදන කුලුන සහ ඒ සමගම එම වෙහෙර මතු පිටින් මොබිටෙල් සමාගමට ලබා දෙන පර්චස් 30 ක බිම් කඩ සමග ඉතිහාසයේ තවත් මහා ඉදිකිරීමක් වැළලී යන බවද සදහන් කල ඒ මහතා එම සිද්ධියට දිගින් දිගටම කතා කරන බවත් මතු දිනයකදී එය ඇතුළු පුරාවිද්‍යා ස්ථාන විනාශයන් සිදු කල පුද්ගලයන්ට සහ ආධාර අනුබල දුන් සියලුම දෙනාට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා කටයුතු කෙරෙනු ඇති බවද සදහන් කරන ලදී. ඒ වෙනුවෙන් ලංකාව පුරාම මෙසේ සිදුවන වැරදි සොයා අදාළ අංශ වලට ලිඛිතව පැමිණිලි කරන බවද ඒවා නීතිය ඉදිරියේ පිළිගත හැකි ලෙස කරන බවද වැඩි දුරටත් සදහන් කල ඒ මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබියදීත් එය විභාග නොකර ඉතිහාසය වැනසීමට පොලිසියද ආධාර අනුබල දීම පිළිබඳව ඇත්තේ පිළිකුලක් බවාද වැඩි දුරටත් සදහන් කරන ලදී. .
අප අපගේ යුතුකම ඉටු කර තිබෙන නමුත් අදාළ පොලිස් බලදාරීන් සහ රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලදාරීන් මහජන පැවැත්ම සෙල්ලමකට ගෙන ඇති බැවින් අති ගරු ජනාධිපතිතුමාට මෙරට ඉදිරියට ගෙන යාමට සහ අපකීර්තිය නැති කර ගැනීමට නම් අනෙකුත් සියලුම සිවිල් පාලන බලතල හමුදා පාලනයකට නතු කල යුතු බවද වැඩි දුරටත් සදහන් කරන ලදී. එසේ නොවී ප්රජාතන්ත්රවාදය, පරිසරය, මානව අයිතීන් සුරැකීමට නම් පනවා තිබෙන සියලුම නීතින් ආරක්ෂා කිරීමට සහ වැරදි කරුවන් සියලුම දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය දැන ගත යුතු බවද, පොලිස් දෙපාර්තමේන්තුවක් ලෙස අසමත් වීමට එක් හේතුවක් මෙය බවද, කෙසේ වුවත් දක්ෂ , නිවැරදි පොලිස් නිලදාරීන් පොලිසියේ ඕනා තරම් සිටින බවද සදහන් කරන ලදී.
කෙසේ වුවද මාස කිහිපයක් ඇතුලත විශාල වැඩ කොටසක් සිදු කර තිබෙන බවද, ඉදිරියේදී පුද්ගල ගැටළු වෙන වෙනම සොයා බලා ඒවාද සමාජ ගත කරන බවද මේ වන විට සංවිධානයේ සාමාජික ශක්තිය ඉතා ඉහල බවද, ලංකාව පුරාම සාමාජික සාමාජිකාවන් දිනෙන් දින එකතුවෙමින් සිටින්නේ මේ සංවිධානය කිසිම දේශපාලන පක්ෂයක හවුල් කරුවෙක් නොවන නිසා බවද සදහන් කරන ලදී.