මේ වන විට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් රාජධානිය දක්වන ප්‍රතිචාරය පිළිබඳ විවාදයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇත.
මෙම විවාදය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පසුපෙළ ව්‍යාපාරික කමිටුව විසින් ඉල්ලා සිටින ලද්දකි.
ඒ අනුව මෙම විවාදය එළඹෙන නොවැම්බර් මස 09වන බදාදා පැවැත්වීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.
එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට තමන් කැමති විවාද ඉල්ලීමට අවස්ථාවක් සලසා දෙනු ලබන අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පසුපෙළ ව්‍යාපාරික කමිටුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම විවාදය පැවැත්වීමට නියමිතව ඇත.