එළඹෙන මාර්තු මස 20 වෙනිදා ශ්‍රී ලංකාවට සහය දැක්වීම පිළිබඳ වැඩසටහන IMF විධායක මණ්ඩලයට ඉදිරිපත් කරන බව එහි අධයක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා මහත්මිය ශ්‍රී ලංකාව පිළිබඳ ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටින බවට වාර්තා වේ.
එහි තවදුරටත් දක්වා ඇති පරිදි චීනය,ඉන්දියාව සහ පැරිස් සමාජය ඇතුළු ශ්‍රී ලංකාවේ මූල්‍ය සහතික ලබාගැනීමේදී සහ තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී ශ්‍රී ලංකා බලධාරීන් ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් තම ප්‍රශංසාව පල කරන බවද මෙහිදී වාර්තා කර තිබේ.