අද (23) දිනයේදී ද ප්රදේශ රැසකට පැය 05ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී ඇත.
A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 03 යි විනාඩි 20 ක් බැගින් සහ පස්වරු 6.00 සිට රාත්රී 11.00 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතව ඇත.
තවද P,Q,R,S,T,U,V,W දක්වා වු කලාප 8 සඳහා අද (23) පැය 02 යි විනාඩි 40 ක විදුලි කපා හැරීමක් සිදු කිරීමට නියමිතව ඇත.
පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා පැයක් බැගින්ද පස්වරු 04.30 සිට රාත්රී 09.30 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින්ද විදුලිය කපා හැරීමට නියමිතව තිබේ..