අවුරුදු ගණනාවක් තිස්සේ මහා පරිමාණයෙන් සිදුවන වන විනාශය හේතුවෙන් ශ්‍රී ලංකාවේ භූ ගත ජලයද හිගව යාමේ අවධානමක් තිබෙන බව භූ විද්‍යාඥයන් පෙන්වා දෙයි.
කෙසේ වුවත් ශ්‍රී ලංකාව තුල සිදුවන් දැවැන්ත වන විනාශය පිලිබදවද අවුරුදු ගනනාවක් පුරා කතා කරන නමුත් වන වගාවන් සදහා යොමු වීමක් ද දක්නට නැති අතර ජනතාවද ඉදිරි දැක්මක් නොදකින බැවින් එම ජනතාවගේම හෙට දිනය ජලයද හිගවීමෙන් පීඩාවට පත් වනු ඇත. එහෙත් තාවකාලිකව හෝ විසදුම් ඒ වෙනුවෙන් සොයා ගැනීමට නොහැකි වනු ඇති අතර ජලයද හිග වූ විට ඔවුන් පුරුද්දක් ලෙස පවතින රජයන් වලට දොස් තබනු ඇත.
ජල උල්පත් සිදී යාමේ අවදානම පිළිබඳව අදහස් දැක්වීම වාරියපොලදී පවතී මාධ්‍ය හමුවකදී ජාතික ජාල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ භූගත ජාල අංශයේ වයඹ පළාත් කළමනාකරු උපුල් වික්‍රමරත්න මහතා අනාවරණය කරන ලදී.