මෙරට රැදී සිටින යුක්රේන සහ රුසියන් ජාතිකයන්ගේ වීසා කාලය මස දෙකකින් දීර්ග කීරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ. පවතින යුධ ගැටුම් හේතුවෙන් එම රටවල් වලට යාමට නොහැකිව සිටින රුසියන් ජාතිකයන් 11,463 දෙනෙකු සහ යුක්රේන ජාතිකයන් 3993 දෙනෙකු වෙනුවෙන් මේ තීරණය ගෙන ඇති අතර එම මාස දෙකක කාලය සදහා ගාස්තු අය නොකරන බවද සදහන් වේ.