ශ්‍රී ලංකාවේ ලොකුම සමාගම දැඩි තීරණයක.

වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි විශාලතම කොටස් හිමියා වන ජපානයේ SG HOLDINGS GLOBAL PTE.LTD විසින් කළ ඉල්ලීමකට අනුව අද (01) දින රැස්වූ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණයට එළඹ තිබේ.

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 82.43% ක හිමිකාරීත්වය SG HOLDINGS GLOBAL PTE.LTD සතුව පවතී.

Exit mobile version