කොළඹ ජාතික රෝහලේ හෘද රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ මහතා සදහන් කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ වායු දුෂණය වීම ඉහළ යමින් තිබෙන බවත් ඒ අනුව හදවත් රෝගීන් වැඩිවීමේ අවදානමක් ඇති බවයි.
ඒ පිලිබදව ජනතාවද වැඩි අවදානයක් යොමු කල යුතුව ඇති බව වෛද්‍ය අනිදු පතිරණ මහතා සදහන් කර තිබේ.
ඒ මහතා වැඩි දුරටත් සදහන් කොට ඇත්තේ වායු දුෂණයේ බලපෑම ජනතාවට ඇති වන අවදානම අවම කර ගැනීමට ජනතාව එළිමහනේ සැරිසරන සෑම විටම මුව ආවරණ පැළදිය යුතු බවයි.
හෘද රෝග පිලිබදව හා ශ්‍රී ලංකාවේ වායු දුෂණය පිලිබදව ඉතා ඉක්මනින් විධිමත් පර්යෙෂණයක් අවශ්‍යව ඇති බව ඒ මහතා වැඩි දුරටත් පෙන්වා දී තිබේ.