ශ්‍රී ලංකාවේ හමුදාවන්ට එරෙහිව මානව හිමිකම් සමුළුවට යෝජනාවක්. ගිනි තැබීම් සහ පහරදීම්ද ඇතුලත්.

ශ්‍රී ලංකාවේ පැවති අරගලයන් වලදී ආරක්ෂක හමුදාවන් වල මෙන්ම ශ්‍රී ලංකා පොලිසියේද ක්‍රියාකාරකම් සිදු වුයේ මානව හිමිකම් කඩකරමින් බව අමුතුවෙන් සටහන් කල යුතු නොවේ. නීතිය ක්‍රියාත්මක කිරීමේදී පවා ඒවා සිද්ධ වුයේ අමු අමුවේම මානව හිමිකම් උල්ලංඝනය කරමිනි. පොලිසිය මගින් තවමත් එසේ මානව හිමිකම් උල්ලංඝනය කරමින් අරගලයේ දී සිටි ජනතාව අත් අඩංගුවට ගන්නේ “වඳුරාට දැලි පිහිය හසු වුවා සේය”.

ගුවන් හමුදාවේ හැසිරීම

මෙම සිද්ධි ජාලයම එකට ගෙන ඇමරිකානු රජය විසින්  ශ්‍රී ලංකාවට එරෙහිව තවත් ජිනීවා යෝජනාවක් ලබන සැප්තැම්බර් 11 ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ. ඒ  ජිනීවා මානව හිමිකම් සමුළුවටයි.

BBC මාධ්‍යවේදියාට පහර දීම

මෙම යෝජනාව මේ වන විටත් කෙටුම්පත්ව තිබෙන බව වාර්තා වේ. ඒ සදහා ශ්‍රී ලංකාවේ සිදුවූ ගිනිතැබීම් පහරදීම් සහ හමුදා ක්‍රියාකාරකම් ගැන ක්‍රියාකළ යුතු වලට එරෙහිව ක්‍රියාකළ යුතු බව එහි සඳහන් බව වාර්තා වේ.

සිරස මාධ්‍ය වේදීන්ට විශේෂ කාර්ය බලකාය පහර දීම

මේ පිලිබඳව ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි අවධානය යොමුවී ඇති අතර ඒ ගැන ක්‍රියාකිරීම සඳහා විද්වත් කමිටුවක් ද පත්කර තිබෙන බවද සදහන් වේ. මෙම යෝජනාව සදහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් පහක් අනුග්‍රහය දක්වා තිබේ .

සාමකාමී වැසියෙකු පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගැනීම

මෙම සිද්දින් මෙසේ වන බව අප මුල් කාලයේ සිටම වාර්තා කලද ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු නිලධාරින්ද පොලිස්පති ඇතුළු සමහර පොලිස් නිලධාරින්ද ඒවා නොවීමට වගබලා ගත්තේ නැත. ඔවුන් විනාශ කලේ තමන්ගේම දේශය බවද, කටයුතු කල යුත්තේ නීතියට අනුව පමණක් බවද ඔවුන් අමතක කර දැම්මේය. ඔවුන් විනාශ කලේ අනාගත හමුදා ජීවිත බවද, එම යෝජනාවන් වලින් සිදුවන්නේ අරගල සමයේ ආරක්ෂක අංශවලට නායකත්වය දුන් හමුදාධිපතිවරුන්ට විවිධ සම්බාධක වලට මුහුණ දීමටය.

රථ වාහන නීතිය කඩ කරමින් විශේෂ බලකා සෙබළුන් වැඩ කිරීම
2022 මාර්තු 31 වැනිදා ,මිරිහානේ සිදු වූ අරගලයේ ආරම්භය
Exit mobile version