ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලඥයන්ගේ සහ රාජ්‍ය නිලදාරීන්ගේ වංචා සහ දූෂණ සෙවීමේ සහ ඔවුන් ඔවුන් ශ්‍රී ලංකාවෙන් පලා යාම වැළැක්වීම සඳහාත්, දූෂිත ගනුදෙනු සොයා ඒවා නැවත ශ්‍රී ලංකාවට ලබා දීම සදහාත් විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් ගෝලීය මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම දේශපාලන අධිකාරිය පවා සිදු කර තිබෙන වංචා දූෂණ සහ අක්‍රමිකතා ඔවුන් වෙත යොමු කරන ලෙසද ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලා සිටි.
එහි ප්‍රධාන මධ්‍යස්ථානය 31, 76703, Kraichtal, Germany ලිපිනයේ පිහිටුවා ඇත. දුරකථන අංක +4915122335648 සහ විද්‍යුත් ලිපිනය ලෙස [email protected] ලෙස තොරතුරු ලබා ගැනීම සදහා හදුන්වා දී තිබේ. එය ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික අධීක්ෂණය සහ වැළක්වීමේ ගෝලීය මධ්‍යස්ථානය ලෙස නම් කර තිබේ. එක්ස්ත් ජාතීන්ගේ සංවිධානයේ සිට පහලට තිබෙන සියලුම ගෝලීය සංවිධාන මේ වන විට ඔවුන් අත්වැල් බැදගෙන තිබේ. සියලු විස්තර සහිතව ඔවුන් නිකුත් කල මාධ්‍ය නිවේදනය සහ වීඩියෝ එක පහත සදහන් කර තිබේ.
“ශ්‍රී ලංකා යුක්තිය පසිඳලීමේ කාර්යය දේශපාලනීකරණය වීම නිසා රටේ මහජන මුදල් දැඩි ලෙස අවභාවිතා වී ඇත.රටේ මූල්‍ය වටිනාකමට වඩා සිවු ගුණයක් ණය බරින් පෙළෙන්නේ විදේශවලින් ගත් ණය පවා වංචා කර ඇති බැවිණි. රාජ්‍යබලය භාවිතා කරමින් මහජන මුදල් වංචා කළ දේශපාලනයේ මෙතෙක් යෙදුණු පිරිස් ණය මුදල් ද අවභාවිතා කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවගමනයට රාජ්‍ය මුදල් සහ ණය වංචාව ප්‍රධාන හේතුව වී ඇත. මේ මූල්‍ය අපරාධ වලට දේශපාලනිකව නඩු පැවරීම් සිදුවුවද ආණ්ඩු මාරු වීමේදී අධිකරණයට හා පරීක්ෂණ ආයතනවලට කරන ලද දේශපාලන බලපෑම් මත වගකිව යුත්තන් නිදොස් කොට නිදහස් වීමේ ප්‍රවණතාවය වැඩිය. මේ පුද්ගලයන් තමන් වංචා කළ දේපළ විදේශයන්හි ආයෝජනයන් කර ජනතා නැගිටීම් හමුවේ එම රටවලට පැන යාමට සූදානම්ව සිටිති. ඒ අතර ඔවුනට හිතවත් ව්‍යාපාරිකයන් ද මේ සියළු වංචාවන්ට සම්බන්ධ අතර මේ වන තෙක් වගකීමෙන් මිදී සිටිති.
මේ මොහොතේ දේශපාලන හා මූල්‍ය අපරාධවලට අමතරව දශක ගණනක් තිස්සේ ලංකාවේ සිදුවන මානව හිමිකම් කඩකිරීම් සහ අධිකරණයට පරිබාහිරව සිදුවන මරාදැමීම් සම්බන්ධව අපගේ අවධානය යොමුව තිබේ. නිරායුධ ජනතාවට ආසන්නයේදීම සිදුවූ අයුතු හා නීත්‍යානුකූල නොවන බලය යෙදවීම අප විසින් දැඩිව හෙලා දකින අතර එහිදී සිදුව ඇති මරණයන් සම්බන්ධයෙන් අපගේ බලවත් අප්‍රසාදය ප්‍රකාශ කර සිටිමු.
තවද දරුණු සමූහ ඝාතන, මිනීමැරුම් ඇතුළු විශාල අපරාධ රාශියකට සම්බන්ධ දේශපාලඥයන්, නිලධාරීන් , ආගමික නායකයන් යයි කියාගන්නා අය මෙන්ම ව්‍යාපාරිකයන් ද සිටිති. එමෙන්ම වගකීම පැහැරහැරීම සහ නොසැලකිල්ල නිසා විශාල අපරාධ සංඛ්‍යාවක් සිදුවී ඇතත් ඒවාට වගකිව යුතු පිරිස් තවමත් නිදැල්ලේය. දැනට පවතින ජනතා නැගිටීම් හමුවේ මේ පිරිස් රටින් පලාගොස් සුරක්ෂිතව ජීවත්වීමට උත්සහ දරති. එසේම නීතියේ රැහැනින් මිදීමට සැලසුම් කරති.
ශ්‍රී ලංකාවේ පිටතින් ක්‍රියාත්මක වන “ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික අපරාධ අධීක්ෂණය සහ වැළැක්වීමේ ගෝලීය මධ්‍යස්ථානය” ඉහල කී අපරාධ වලට වගකිව යුතු සැකකරුවන් හා දේශපාලන බලපෑම් මත අනීතිකව නිදොස්කොට නිදහස් වූ පිරිස හා බරපතල අපරාධ සිදුකරමින් ජනාධිපති සමාවත් ලැබූ පුද්ගලයන්ද ජාත්‍යන්තරයේදී ඒ ඒ රටවල නීතිය අනුව හා ජාත්‍යන්තර නිතිය අනුව වගවීමට ලක්කිරීම උදෙසා මෙහෙයුමක් ආරම්භ කර තිබේ. එම මෙහෙයුම ඒ ඒ රාජ්‍යයන් ,යුරෝපා සංගමය හා අෆ්රිකානු සංගමය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයන්, සෞදි ආරාබියාව ,ඔස්ට්‍රේලියාව ද ඇතුළුව ලෝකයේ එක්සත් ජාතීන් හා වෙනත් ජාත්‍යන්තර සංවිධාන ද සමග එක්ව ක්‍රියාත්මක මෙහෙයුමකි.
මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීම උදෙසා එම ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික අධීක්ෂණය සහ වැළැක්වීමේ ගෝලීය මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉහත කී මූල්‍ය, දේශපාලනික මෙන්ම වෙනත් අපරාධ වලට සම්බන්ධ තොරතුරු විද්්‍යුත් තැපෑල මගින් ලබාදෙන ලෙස ඉල්ලාසිටී. එම තොරතුරුවල සත්‍යතාවයන් නීතීඥවරුන් ලවා සහතික කරවා ගැනීමෙන් පසු ක්‍රියාත්මක වනු ලැබේ.
වසර 74ක් තිස්සේ යුක්තිය පසිඳලීමට නොහැකි වූ දේශපාලන, ආර්ථික අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම යුගයේ අවශ්‍යතාවයක් වී ඇත. ඒ වෙනුවෙන් විදේශයන්හි සිට ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි අධ්‍යාපනය ලැබූ වෘත්තීයවේදීන් කණ්ඩායමකි”.
ලෙස එම නිවේදනයේ සදහන් වේ.