ශ්‍රී ලංකාවේ 80% ක් දූෂිතයි. . දේශපාලනයෙන් උසස්වීම් ගත් DIG ලත් ඉන්නවා. තරුණයන් අත් අඩංගුවට ගැනීම වැරදි. තරුණයන් අවි ආයුධ අතට ගනීවි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකයේ ස්ථාපිත තත්වය මේ වන විට 192 වැනි ස්ථානය බවටත්, ලංකාවේ දේශපාලඥයන්, රාජ්‍ය සේවකයන්, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු සමස්ත ජනගහන්යෙන්ම 80% ක්ම දුෂිත බවද, රාජ්‍ය සේවකයන් සහ පොලිස් නිලධාරීන් දේශපාලනය කරනා තාක් ශ්‍රී ලංකාවට ජයක් නැති බව “ජය TV” ඔස්සේ පැවති සජීවී සාකච්ඡාවකදී අනාවරණය විය.

ඊයේ (1) රාත්‍රී “ජය tv” නාලිකාවේ සජීවීව පැවති “ද චැලේන්ජ්‍” වැඩසටහනට එක් වෙමින් පොදුරාජ්‍ය මණ්ඩලීය එක්ෂත් තරුණ සංවර්ධිතයන්ගේ සංගමයේ සාමාජික, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමිකයෙකු, උපදේශකයකු මෙන්ම දේශකයෙකුද වන ශ්‍රී නිශ්ශංක මායාදුන්න මහතා මේ කරුණු අනාවරණය කරන ලදී.

එහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් මේ රට විනාශ කිරීමේ පළමු වගකිව යුත්තන් වන්නේ චන්ද දායකයන් බවත්, ඉන් අනතුරුව උසස්වීම් ඇතුළු වරදාන සහ වරප්‍රසාද බලපොරොත්තුවෙන් දේශපාලනය කර පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද වග කිව යුතු බවද සඳහන් කරන ලදී. එසේම දේශපාලඥයා රැකියාවන් ලබා දීමේ පොරොන්දුව මත තම මැතිවරණ ව්‍යාපාරයන් තරුණයන් හරහා ප්‍රවර්ධනය කිරීම පිලිබඳවද මෙහිදී පෙන්වා දෙන ලදී.එසේම තව ටික දවසක් මේ ආකාරයෙන් රට පැවතුනහොත් තරුණයන් අවි ආයුධ අතට ගත හැකි බවද සදහන් කරන ලදී.

මේ සියලුම ප්‍රශ්න විසඳීම සඳහා ජාතික තරුණ ප්‍රඥප්තිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුලින් සම්මත කර ඒ අනුව කටයුතු කිරීමෙන් මේ සියලුම ප්‍රශ්න විසඳීම සඳහා කෙටිකාලීන සහ දීර්ඝ කාලින සැලසුම් ක්‍රියාත්මක කල යුතු බවද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවකදී ලක්කරන ලදී.

සම්පූර්ණ විස්තරය පහත ලින්ක් එකෙන් බලන්න.  

https://www.facebook.com/Jayatv.lk/videos/1247261766033920

Exit mobile version