ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයක

නවසීලන්තය හා ශ්‍රීලංකාව අතර අද ආරම්බ කෙරුණු  තුන්වන හා අවසාන සීමිත ඕවර පන්දු වාර 50  ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පලමුවෙන්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගනු ලැබුවේ ලකුණු 157ක් පමණි.

ශ්‍රීලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 57ක්, නායක දසුන් ශානක ලකුණු 31ක්, චාමික කරුණාරත්න ලකුණු 24 ක් ලබා ගත් අතර අනෙකුත් සියලු ක්‍රීඩකයන් අසාර්ථක විය.

නවසීලන්තය වෙනුවෙන් ඩැරිල් මිචෙල්, මැට් හෙන්රි සහ හෙන්රි ශිප්ලි කඩුළු තුන බැගින් දවා ගන්නට සමත්ව තිබේ.  

Exit mobile version