ශ්‍රී ලංකාව දෙකට කඩන බව ශිවාජිලින්ගම් කියයි – ජනාධිපතිතුමනි, පොලිස්පතිතුමනි ඔහුට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතිද?.

හිටපු  පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී MK සිවාජලිංගම් විසින් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට, ජාතික ආරක්ෂාවට හා ජාතික එකාබද්ධතාවයට මෙන්ම ජාතික අනන්‍යතාවයට හානි කරන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කලේ උතුරට වෙනමම ආණ්ඩුවක් ලබාගැනීමේ ක්‍රියාවලියට දේශීය වශයෙන් පිළිතුරක් නොලැබුනොත් ජාත්‍යන්තරය මැදිහත්වීමකින් හෝ ආණ්ඩු දෙකක් ලෙස ශ්‍රී ලංකාව දෙකට කැඩීමේ ක්‍රියාව සිදුකරන බවය.

ප්‍රවීණ මාද්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති අන්තර්ජාල සාකච්චාවකදී ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ ප්‍රභාකරන් සාමාන්‍ය මිනිසකු නොවන බවත් ඔහු හමුදා කණ්ඩායමක නායකයකු බැවින් ඔහු හෝ පොට්ටු අම්මාන් මිය ගිය බවට නිවැරදි සාධක නොමැති බැවින් ඔවුන් මිය ගිය බව ඔහු විශ්වාශ නොකරන බවයි.

එසේම ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ, වර්ග සංහාරය හා අතුරුදහන් කිරීම් සිදුකල බැවින් එදා සිටි ජනාධිපතිගේ සිට වගකිවයුතු සියලුම දෙනා ජාත්‍යන්තර යුධ අධිකරණය වෙත ගෙනයායුතු බව හා ඔහුන් විසින් හමුදාවට නායකත්වය ලබා දුන් සියලුම දෙනා යුධ අදිකරණය වෙත ගෙනයාමට ඔහු දැනටමත් උත්සහ දරමින් සිටින බවත් ප්‍රකාශ කරන ලදී.

තවද සිහල බෞද්ධ පාලකයන් සහ නායකයන් වංචනිකයන් සහ දුෂිතයන් බවද ප්‍රකාශ කරන ලදී. ඒ අයගේ වංචාවන් හා දුෂණයන් හේතුවෙන් අද රට වැටී ඇති තත්වයට හා ජනතාව විදවන ජීවිතයට වගකිව යුත්තේ ඔවුන් බවද ඔහු ප්‍රකාශ කරන ලදී. එසේම ගෝඨාභය බලයට ඒම සදහා ගෝඨාභය විසින්ම  පාස්කු ප්‍රහාරය ක්‍රියාත්මක කල බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

Exit mobile version