ශ්‍රී ලංකාව නැවතත් විශාල අනතුරක. බලධාරීන් සහ පාලකයන් නිහඬයි.

ශ්‍රී ලංකාවේ තත්වය මේ වන විට දිනෙන් දින දරුණු වෙමින් පවතී. ජනතාවගේ මේ දිනවල ඉවසීමේ ගුණය සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු අවසන් වීමට නියමිත බව අපගේ සමීක්ෂණ කණ්ඩායම් වාර්තා කර තිබේ.

අපට ලැබී තිබෙන තොරතුරුවලට අනුව සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම ලක්ෂ ගානක ජනතාවක් කොළඹට පැමිණ එක්වරම වගකිව යුතු ආයතන සියල්ලම වට කිරීමට කටයුතු සිදුවෙමින් පවතී. ත්‍රිවිධ හමුදාවට හෝ පොලිසියට වෙඩි තබා හෝ පාලනය කිරීමට නොහැකි මහා විනාශයක් ඉදිරියේදී සිදුවීමට අවශ්‍ය පසුබිම මේ වන විටත් නිර්මාණය වී තිබේ.

එයට හේතු ලෙස අපට වාර්තා වන්නේ මිරිහානේ සිද්ධිය පිලිබදව වගකිව යුතු ආරක්ෂක නිලධාරීන් අත් අඩංගුවට නොගැනීමේ, 9 වැනිදා සිද්ධියට අදාළ පුද්ගලයන් අත් අඩංගුවට නොගෙන රට පුරා සිටින පුද්ගලයන් පමණක් අත් අඩංගුවට ගැනීම, දැඩි ආර්ථික ගැටලුවට රජයක් ලෙස විසදුම් ලබා නොදීම, ජනතාවගේ පැත්තෙන් සිදු විය යුතු දේවල් සිදු නොවී විසදුම් ලබා දිය යුතු පාර්ලිමේන්තුව තමන්ගේ ප්‍රශ්න කතා කිරීමට යොදා ගැනීමත් සහ තම තමන්ගේ  බලය පවත්වාගෙන යාමත් වෙනුවෙන් කුලල් කා ගැනීම මෙම දැවැන්ත පිපිරීමට ප්‍රධානතම හේතුන් වේ.

හදිසි නීතිය පනවා යම් වෙඩි තැබීමක් හෝ සිදු වුවහොත් එසේ වෙඩි තබන පුද්ගලයන්ගේ පවා ජීවිත වලට දැඩි හානි පවා සිදුවන තත්වයක් උදා වෙමින් පවතී. එසේම විදේශගත ශ්‍රී ලාංකිකයන් එක්ෂත් ජාතීන්ගේ සංවිධානය සමගද ශ්‍රී ලංකාව වෙනුවෙන් බොහෝ දේ කතාකර තිබෙන බවටද තොරතුරු වාර්තා වේ. මෙහි නරකම පැතිකඩ වන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ජනතාවට යම් පීඩාවක් වන යමක් සිදුකළහොත් හෝ යම් හමුදා පාලනයකට රට ගියහොත් සාම සාධක හමුදා මෙරටට එවන ලෙස ඉල්ලීමක් කිරීමට විදේශගත ශ්‍රී ලාංකිකයන් සියල්ලම සූදානම් කර තිබීමයි. ඒ පිළිබඳවද තොරතුරු අප වෙත ලැබී තිබේ.

කෙසේ නමුත් ආරක්ෂක ලේඛම්වරයා පසුගිය දිනෙක පැහැදිලිවම ප්‍රකාශ කලේ “එවැනි දේවල් මෙහේ කරන්න බෑ” ලෙසයි. එවැනි දෙයක් නොවන බවට පැහැදිලි නමුත් රටේ දේශපාලන නායකයන්ගේ වගකීම මේ අවස්ථාවේ නිසි ලෙස ඉටු නොවීම දැඩි අපරාධයකි.

එබැවින් අදාළ පක්ෂ විපක්ෂ මෙන්ම අදාළ රාජ්‍ය බලධාරීන් මේ පිලිබඳව ජනාධිපතිවරයා වෙත වාර්තා කර සිදුවීමට ඉඩ තිබෙන දැවැන්ත විනාශය නැවැත්වීම සදහා ජනතාව ඉල්ලන සහන මෙන්ම ඔවුන්ගේ ඉල්ලීම් අධි වේගයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරමින් ඒවා විදුලි වේගයෙන් ක්‍රියාත්මක කල යුතුය.  

එසේ නොමැතිව තව දුරටත් ජනතා විමුක්ති පෙරමුණට හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු පක්ෂවලට බැන වදිමින් තව දුරටත් මන්ධ බුද්ධිකයන් සේ කටයුතු සිදුවන්නේ නම් හෝ හිතන්නේ නම් අපට ලියන්නට තිබෙන්නේ “ අශ්වයා ගියාට පසු ඉස්තාලේ වසා දමා වැඩක් නැත” යන්නයි. මෙතෙක් සිදු වූ “අතීසාරෙට අමුඩේ ගැසීම්” තව දුරටත් සිදුවන්නේ නම් එයින් පාලකයන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට දැකිය හැකි වනුයේ  “ යක්ෂ දේශයක” “ යක්ෂ වැසියන්ගේ ආගමනයයි”.   

Exit mobile version