ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන අර්බුධය විසදීම සදහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය තවමත් ගොඩ නැගී නැති අතර බහුතරයක් දේශපාලකයන් තමන් ගැන පමණක් හිතමින් අල්ලාගෙන සිටින බවක් පෙනෙන්නට තිබේ.
පවතින අර්බුධ වලින් මිදීමට නම් ප්‍රථමව දේශපලාන ස්ථාවරත්වය ගොඩනගමින් කිසිම දේශපලාන පක්ෂයකට ජාතික ප්‍රතිපත්තියක් ගෙන ඒම දක්වා සියලුම දේශපාලකයන් එක මෙන්ව වැඩ කල යුතුව තිබේ.
ඒ සදහා ප්‍රථමව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවතත් බලාත්මක කල යුතු අතර ඒත් සමගම විගනාධිපති ශක්තිමත් කල යුතුය. ඒ සදහා 2005 ට පෙර තිබු සියලුම ක්‍රම බලාත්ම කිරීම් කල යුතු අතර අංක 2006 අංක 49 දරන ප්රෂම්පාදන මාර්ගොපදේශ සංග්‍රහය අවලංගු කරමින් ඊට පෙර තිබු ටෙන්ඩර් පිලිබදව වන මාර්ගෝපදේශ සංග්‍රහය බලාත්මක කල යුතුය.
රට ගොඩනැගීමේ මූලික පියවර එතනිනේ ආරම්භ කල විට දේශපාලන ස්ථාවරත්වය ඇතිවන අතර රාජ්‍ය සේවකයන්ටද කොමිස් ගැසීම් කිරීමට නොහැකි වන අතර විගණාකාධිපති පාර්ලිමේන්තුවට පමණක් වග කියන පුද්ගලයෙකු වන බැවින් වැරදි වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට දඩුවම් සහ විනය ක්‍රියාමාර්ග ගැනීමේ පාර්ලිමේන්තුව මගින්ම සිදු වනු ඇත.
ඉන් අනතුරුව දෙවෙනි පියවර ලෙස සියලු පාසල් ගුරුවරුන්ට උපකාරක පන්ති කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කල යුතු අතර එසේ සිදුකරන ගුරුවරුන්ට විනයානුකූලව කටයුතු කල යුතුය. උපකාරක පන්ති කරන්නේ නම් ගුරු සේවයෙන් ඉවත්ව ගොස් එය කිරීමට ඉඩ හැරිය යුතුය.
වෛද්‍යවරු ඇතුළු සියලු රැකියා කරන පුද්ගලයන්ට පුද්ගලිකව කටයුතු කිරීම තහනම් කල යුතුය. පෞද්ගලික රෝහල් සියල්ලම රජයේ රෝහල් බවට පත්කරමින් ඒවායේ සේවකයන්ට රජයෙන් වැටුප් ලබා දීමට කටයුතු කල යුතුය. ගොඩනැගිලි හිමිකරුවන්ට මාසිකව කුලී මුදලක් ලබා දිය යුතුය. විනිසුරුවරුන්ටත් නඩු කතා කිරිම තහනම් නම් වේදැදුරන්ට ද එසේ කිරීමෙන් ගැටළුවක් ඇති විය හැකිය.
රාජ්‍ය සේවයේ තිබෙන මාෆියාව සම්පූර්ණයෙන්ම නැතිකළ යුතු අතර මහජනතාවගෙන් වැටුප් ලබන්නෝ ලෙස තම යුතුකම මැනවින් සිදු කිරීමට ඔවුන් පෙලභවිය යුතුය. වැටුප් , උසස්වීම් පවා ලබා දිය යුත්තේ විද්‍යාත්මකව පිළිගත් ක්‍රම වේදයන් වලටය. සියලු ශ්‍රී ලාංකිකයන් කායික, මානසික සහ ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කිරීමේ සැලසුම් ද ඒ අතරේ ආරම්බ විය යුතුය.
ඉන්පසු රක්ෂණ, මුදල් සමාගම් වැනි ආයතන වැඩි දියුණු කිරීම සදහා කියමින් සකසා ඇති සියලුම පනත් අහෝසි කල යුතු අතර ඒවා ජනතාවාදී අයතන ලෙස නැවත සකස්වීමට පෙර නීති බලාත්ම කල යුතුය. රාජ්‍ය සේවකයන්ට දේශපාලනය කිරීම තහනම් කල යුතුය. මාධ්‍ය ජනතාව වෙනුවෙන් කතා නොකරන, දේශපාලන පක්ෂ වෙනුවෙන් කඩේ යන මාධ්‍ය ආයතන තහනම් කල යුතුය.
විවිධ කොමිස් ගරන සියලු මාර්ග අවහිර කල යුතු අතාර ඒ අතර සමාජ සමාජ සංවර්ධනය කෙරෙහි යොමු වෙමින් සියලු දරුවන්ට ඉරිදා දහම් පාසල් ( සියලුම ආගම සදහා ) අනිවාර්ය කල යුතු අතර ඉරිදා උපකාරක පන්ති සම්පූර්ණයෙන්ම තහනම් කල යුතුව තිබේ. ඒ අතර 1994 ට පෙර ස්ථාපනය වී තිබු ළමා සමාජ, යෞවන සමාජ , ක්‍රීඩා සමාජ, තරුණ සමාජ නැවත ඇති කරමින් පුළුල් සමාජ සංවර්ධනයකට යා යුතුව තිබේ.
මා ඉහතින් සදහන් කල කරුණු වලට අමතරව තව දස දහස් ගනනින් ප්‍රශ්න මේ සමාජය තුල තිබේ. සමස්ත සමාජයම අද මේ තත්වයාට පත් වීමට තුඩු දුන් සියලුම කරුණු සොයා බැලීම සදහා විශේෂ කොමිෂන් සභාවක් පත් කර ඒවා හදුනා ගත යුතුය. ඒවා නැවත සැකසීම සදහා සමාජවේදීන්ගේ සහ ප්‍රජා සංවර්ධනය පිලිබදව උපදේශකයන්ගෙන් උපදේශ ලබා ගත යුතුය. මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදුවුයේ භෞතික සංවර්ධනයක් පමණක් බවත්, එසේ සංවර්ධනය කිරීමෙන් සියලු මිනිසුන්ගේ කායික සහසහ මානසික සංවර්ධනය සිදු වුයේ අල්ලසට සහ දූෂණයට ඇති කැමැත්ත වැඩි කරමින් ආධ්‍යාත්මික සුවය විනාශ කිරීමක් බවත් තේරුම් ගත යුත්තේය. එය තේරුම් ගත යුත්තේ පාලකයන්ය. පාලකයන් යනු ප්‍රාදේශීය ලේකම්ගේ සිට ජනාධිපති දක්වාමය.
එසේ නොමැතිව මේ කිසිදු ප්‍රශ්නයක් නිසි ලෙස විසදීමට කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පාර්ලිමේන්තුවට නොහැකි වනු ඇත. කවුරු බලයට පත් වුවත්, ඔබ වැඩ කල යුත්තේ විවිධ අරමුණු ඔස්සේ වැඩ කරන රාජ් සේවකයන් නොහොත් තමන්ගේ පක්ෂයක් බලයට ගෙනෙන්ට කටයුතු කරන රාජ්‍ය සේවකයන් සමගයි. එබැවින් අඩු පාඩු සියල්ලම හදුනාගෙන නියමිත ලෙසම කටයුතු නොකළහොත් දැනට තිබෙන තත්ත්වයෙනුත් අප පහලට වැටි ලබන මස අවසන් වන විට මෙරට සෝමාලියාවක් වීම කිසිවෙකුටත් වැළක්විය නොහැකි වනු ඇත. එවිට වැටුප් ඉල්ලා උද්ඝෝෂන කරන රාජ්‍ය සේවකයන්ට මෙන්ම වෛද්‍යවරුන්ටද කන්නට වෙන්නේ සාමාන්‍ය ජනතාවගේ ලේ සහ මස් පමණක් වනු ඇත.
රට ගොඩනැගීම දිගුකාලින සහ කෙටිකාලින ක්‍රම වෙන වෙනමම සැකසිය යුතුය. මුල්ම අවස්තාවේ ආණ්ඩුක්රමය වෙනස්කරමින් නීතිය බලාත්මක කරමින්, රාජපක්ෂවරු නැති හෝ ඔවුන්ට බලයක් නැති රජයක් පිහිටුවීමෙන් ශ්‍රී ලංකාවේ දැනට නොමැති ඩොලර් ප්රශ්නය සීග්‍රයෙන් විසදෙමින් විදේශගත ශ්‍රී ලාංකිකයන් අවශ්‍ය ඩොලර් ලංකාවට එවීම සිදුකරනු ඇත. පියවරෙන් පියවර, එකිනෙක ඉතාම සූක්ෂ්මව හදුනා ගනිමින් මේ ප්‍රශ්නයට විසදුම් සෙවීම සහ යම් යම් ගැටළු විසදීමට පැය 24න් වුවත් හැකිය. නමුත් පාලක පන්තියට එය අවශ්‍ය බව දැනෙන්නට අවශ්‍යය වේ.
එබැවින්, ජනතාවගේ ප්‍රතික්ෂේපවීම් සාධාරණ ලෙස හදුනාගෙන, හෙට දවස වෙනුවෙන් එක්වීම අනිවාර්ය වේ. එසේ නොමැතිව තවමත් කකුලෙන් ඇදීමෙන් මේ කිසිදු ප්‍රශ්නයක් විසදිය නොහැක. ජනතාව විවිද අයුරින් ප්රචණ්ඩ වීමද වැළක්විය නොහැකි වනු ඇත. මේ අසීරු අවස්ථාවේම මේ සදහා අවශ්‍ය අඩිතාලම දැමිය යුතුය.
ශ්‍රී නිශ්ශංක මායාදුන්න
සාමාජික
පොදුරාජ්‍ය මණ්ඩලීය එක්ෂත් තරුණ සංවර්ධිතයන්ගේ සංගමය