ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම ඉහළට

2023 ජනවාරි මාසය අවසානයේදී ශ්‍රී ලංකාව සතු සංචිත වත්කම් ඩොලර් මිලියන 2,121ක් වූ අතර පෙබරවාරි මාසයේදී එය ඩොලර් මිලියන 2,217ක් වූ අතර මෙම ප්‍රමාණ සැසඳීමේදී 4.5% වර්ධනයක් සිදුව ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කල බවට වාර්තා වේ.

මේ අතර නිල සංචිත වත්කම් තුල අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය පෙබරවාරි මාසය තුළදී ඩොලර් මිලියන 2,065 සිට ඩොලර් මිලියන 2,183ක් දක්වා 5.7%කින් වැඩි වී තිබෙන අතර මහ බැංකුව සතු රන් සංචිතය පසුගිය පෙබරවාරි මාසය තුල ඩොලර් මිලියන 29 සිට ඩොලර් මිලියන 28ක් දක්වා 5.3%කින් අඩුවී තිබෙන බවට වාර්තා වේ

විදේශ විනිමය සංච්තය තුළ චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු කිරිමට පහසුකම් තිබුණත් එය යම් යම් කොන්දේසි වලට යටත්ව ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කල බවට වාර්තා වේ.

Exit mobile version