අද (25) දින සිට ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට නියමිතව තිබේ.
ඒ අනුව මෙම තරඟාවලිය සදහා එක්වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුක්ත 16කගෙන් යුතු ක්‍රිකට් සංචිතය ඊයේ (24) දිනයේ ශ්‍රී ලංකා සංචිත ක්‍රිකට් ආයතනය විසින් නම් කරනු ලැබිය.
ශ්‍රී ලංකා සංචිත ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයේ සදහන් කර ඇත්තේ භානුක රාජපක්ෂ විසින් සංචිතයෙන් ඉවත්වීමට කරන ලද ඉල්ලීමට අවසර ලබාදුන් බවත් එක්දින තරගවලින් විවේකයක් ලබා ගැනීමට අවශ්‍ය බවට ඔහු විසින් දැනුම් දී ඇති බවත් ය.
මෙම සංචිතය සදහා මෙම වසර ආරම්භයේ ඔස්ට්‍රේලියාව සමග පැවති තරගාවලිය සදහා එක් වූ ධනංජය ලක්ෂාන්, කසුන් රාජිත, අශේන් බණ්ඩාර, සහ ළහිරු කුමාර කැදවා ඇත. අද (25) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරඟයක් ලෙස පස්වරු 2.30 ට ආරම්භ වනු ඇත.