ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වනවිට පැවැත් වෙයි.

එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

ඒ අනුව පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත්තේ ලකුණු 255ක් පමණි.

තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 256කි.

Exit mobile version