ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට විශේෂ දැනුම්දීමක් .

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දඹුල්ලේදී පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල මේ වනවිට විකිණී අවසන් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටින්නේ තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර ගැනීම සඳහා පැමිණීමෙන් වළකින ලෙසටය.

මේ අතර ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා විශාල පිරිසක් අද දිනයේ ද දඹුල්ල ක්‍රීඩාංගණය අසළ පෝලිම්වල සිටිනු දැකගත හැකිවූ බව සදහන්.

Exit mobile version