ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් අද (23) දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී මෙරටට කැඳවීමට තීරණයක් ගෙන තිබේ.
මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ ඉකුත් ජුලි මස ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවති ටෙස්ට් තරඟාවලියේ තරඟයකදී ශ්‍රී ලංකා පිළ ලකුණු 400කට අධික ගණනක් වාර්තා කළ ද එම තරඟය පරාජය වීමට හේතුව තරඟ පාවාදීමක් බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර විසින් කරන ලද ප්‍රකාශයකි.
මේ අනුව ශ්‍රී ලංකා ආයතනය නිවේදනය කළේ ICC දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් ශ්‍රී ලංකාවට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව අපේක්ෂා කරන බවයි.