ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුන්වන ලේකම් ඊ කුෂාන් නැමැත්තා ඕමානයේ මස්කට් නුවර සිට අද (29) අළුයම දිවයිනට පැමිණීමේදී කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලදී.ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර්13 දක්වා රිමාන්ඩ් කිරීමට තීරණය කර ඇත.
මැදපෙරදිග මිනිස් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී වැඩ තහනමට ලක්වූ ඊ කුෂාන් නැමැත්තා සහ ඕමානයේ මිනිස් ජාවාරමේ කරුණු රැසක් මාධ්‍යට අනාවරණය කල නිශ්ශංක ප්‍රියදර්ශන (ඩුබායි සුද්දා ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙලදාම්,ජාවාරම්,විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ටාස හමුවේ පෙනිසිටිමින් ප්‍රකාශ ලබාදෙමින් සිටි
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුන්වන ලේකම් ඊ කුෂාන් නැමැත්තා මේ ප්‍රකශ වලින් පසු අද දින අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වාර්තා වීඇත.
මේ අතර ඕමානයේ සිටි තවත් කාන්තාවන් 17 අද පෙරවරුවේ දිවයිනට පැමිණියේ ය.