ශ්‍රී ලංකා පිළ නවමු මුහුණුවරකින් අදත් පිටියට

අද (26) රාත්‍රී 07.00 ට ධරම්සාලාහි දී සංචාරක ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරඟය පැවැත්වීමට නියමිතව ඇත.

මෙම තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් කිහිපයක් සමගින් පිටියට පැමිණෙන අතර අද තරඟයේ දී ධනුෂ්ක ගුණතිලක යළි සංචිතයට කැඳවීමේ වැඩි ඉඩක් පවතින බව ද වාර්තා වේ.

කෙසේ නමුත් අද තරඟය පැවැත්වීමට නියමිත ධරම්සාලාහි හිමාචල් ක්‍රීඩාංගනට අවට වැසිබර කාලගුණ තත්ත්වයක් පවතින බවද එරට කාලගුණ වාර්තාවේ සඳහන් වේ.

මේ වන විට දෙවන තරඟය ආරම්භව ඇති අතර එහි කාසියේ වාසිය හිමිකර ගැනීමට ඉන්දියා කණ්ඩායම සමත් විය.

Exit mobile version