ශ්‍රී ලංකා පොලිසියේ අවිනීතිය නැවතත් ක්‍රියාත්මක වෙයි. දේශබන්ධු මිනී මැරීමට සැරසෙන ලකුණු.

පසුගිය 9 වැනිදා ගාලු මුවදොර පිටියෙහි සාමකාමී අරගලයට පහරදීම පිලිබදව නීතියට අනුව මුලිකවම වගකිව යුත්තා වන්නේ බස්නාහිර පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාය. ඒ පිලිබඳව නීතිය ඉදිරියේ බිඳහෙලිය නොහැකි සාක්ෂි පවතී. නමුත් ඔහුට විරුද්ධව ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු නොකරන බව පැහැදිලිය.

නීතියේ සමානාත්මතාවයට පයින් ගසමින් වැරදි කරුවන් ආයක්ෂා කරමින් වරදට අනුබල දුන් පුද්ගලයන් ආරක්ෂා කරමින් ජනතාව කුපිතකරවුවන් ආරක්ෂා කරමින් ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශය මේ සිදුකරන්නේ තවත් මහා විනාශයක් කරා මේ රට රැගෙන යාමටය.

ඒ අතර ළහිරු වීරසේකර, රැට්ටා ඇතුළු 9ක් අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගය කරන්නේ පොලිසියේ කරුණු දැක්වීම මතය. ඒ ජුනි 9 සහ 10 යන දෙදින තුළ කොටුව සහ තලංගම ප්‍රදේශවල සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙනි. නමුත් නීතියට අනුව විය යුත්තේ කුමක්ද යන්න අප මීට පෙරද පැහැදිලි කර තිබේ. පොලිසිය පාතාල සාමාජිකයන් කටයුතු කිරීම සැබැවින්ම කනගාටුවට නොව ඒ ආකාරයෙන් කටයුතු කරන නිලධාරීන්ගේ නිල ඇදුමට යටින් තමන් නිරුවත් බව වටහාගෙන නොතිබීමෙන් ඔවුන්ටද නීතිය ඉදිරියට යාමට සිදුවනු ඇත.

නිවාඩු අවසන් කර පැමිණි දේශබන්ධු තෙන්නකෝන් නැවතත් මිනීමැරීමට කටයුතු කරන්නේද යන්න සැකයට භාජනය වෙමින් තිබේ. එයට ආසන්නතම උදාහරනය නම් අතුරුගිරියේ දී සිදු වු සිදුවීමේදී පොලිස් නිලධාරීන් 6 දෙනෙකුට රෝහල්ගතව සාමාන්‍ය වැසියන් 10 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබීමයි. සාමාන්‍ය වැසියන් කුපිත වන්නේ ඇයිද යන්න හදුනාගෙන කටයුතු කල යුත්තේද පොලිසියයි.

පොලිස් ඇමති ඇතුලු රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැදී සිටින අයගේ නීතිවිරෝදී සෙල්ලම්වල ප්‍රතිපලය දරුනු විපාකවලට මුහුණ දීමට සිදුවිය හැකි බවට අප නැවතත් අනතුරු හඟවන්නේ ඇමති ඇතුලු පිරිසද මෙරට පුරවැසියන් නිසා මෙන්ම ඔවුන්ගේ අමනෝඥ වැඩවලින් ඔවුන්ට සිදුවන හානියද පෙන්වා දීම ද අපගේ වගකීමක් බැවිනි.

තැන තැන අරගලකරන පාලනයේ වරදින් පීඩාවට පත්ව සිටින ජනතාව කුපිතව සිදුකරන ප්‍රකාශ මෙන්ම ක්‍රියාවන් සිදුවන්නේ ද තම හෙට දිනයේ කුසගින්න නිවා ගැනීමට මෙන්ම දරුවන්ගේ බඩගින්න වෙනුවෙනි. එසේ කටයුතු කරන ජනතාව අපරාධකරුවන් ලෙස නම් කිරීමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකාවට අපරාධකරුවන් බිහිවීම පමණි. රටට ආදරයක් ඇති මිනිස්සුන්ට ආදරයක් ඇති පොලිස් නිලධාරීන් කිසිදා රටට අපරාධකරුවන් බිහි නොකරයි.

නමුත් වර්ථමාන පොලිස් දෙපාර්තමේන්තුවේ බහුතර නිලධාරීන් සිදුකරන්නේද අපරාධකරුවන් සමාජයට බිහිකිරීමයි. මේ තත්වය වහාම වෙනස් කිරීමේ වගකීමද පොලිස් අමාත්‍යවරයාගේ වගකීම වේ.

Exit mobile version