අප නිරන්තරයෙන්ම සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ කටයුතු ස්වාධීන කල යුතු අතර එසේ ස්වාධීන කරමින් දෙපාර්තමේන්තුවේ වැරදි කරන නිලධාරීන්ට දඩුවම් ලබා දීම සදහාද දැනට පවතින මානව හිමිකම් කොමිෂමට අමතරව තවත් ස්වාදීන ආයතනයක් ස්ථාපනය කල යුතුව තිබේ. ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථානවලින් වලින් පාහේ දක්නට ලැබෙන්නේ “ගොරක දඩමස් කරන කැකිල්ලේ රජ්ජුරුවන්ගේ” ක්රියාවන්ය.
ජනතාව යනු ඔවුන්ගේ පයට පෑගෙන දුහුවිලි සේ බව සිතමින් කටයුතු කරන අතර අපට මේ වන විට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන්ගේ නීතිවිරෝදී ක්‍රියාවන් සිය ගනනක් අප වෙත ලැබී තිබේ. දිනකට අවම වශයෙන් දෙකක්වත් ලැබේ. අප ඉදිරියේදී ඒවා එදිනටම ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබේ.
අප අද අවධානය යොමු කරනුයේ පොලිසිය විසින් අපරාධ කරුවන් බිහිකරමින් සමාජයට සිදුකරන හානිය පිලිබදව කෙටි සටහනකටයි. මේ වන විට අපට ලැබී තිබෙන විවිධ නඩු වාර්තා මෙන්ම වාචික සාක්ෂිද අනුව උතුරු නැගෙනහිර පොලිසි වල නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු ඉතාම හොදින් සිදුවන බව පෙනේ.එයට හේතුව නම් එම පොලිසි වල රාජකාරි කරන නිලධාරීන්ගේ ඥාතීන් එම ස්ථානයන් සේවය නොකිරීමයි.
ඥාති සංග්‍රහ, දේශපාලන සංග්‍රහ සහ හිතවතුන් වෙනුවෙන් සංග්‍රහ කරන විට ඔවුන් ක්‍රියාත්මක කරනුයේ නීතිය නොවේ. එය අවිනීතියයි. ඉහත ඝනයට අයත් වන පුද්ගලයන් වැරදි කරන විට ඔවුන් ආරක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කරයි. එසේම සැකපිට අත් අඩංගුවට ගන්නා පුද්ගලයන්ටද දැවැන්ත හානියක් සිදුකරන්නේද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසිනි. ඔවුන්ට පහර දී බලහත්කාරයෙන් ප්‍රකාශ වලට අත්සන් ලබා ගන්නා පොලීසියේ කටයුතු මේ වනවිට සිදුවන්නේ පාතාලයේ ක්‍රියාකාරකම් ලෙසිනි. අපට එවැනි සිද්ධි ගනනාවක් වාර්තා වී තිබේ. සාක්ෂි නොමැති වූ විට සැකකරුවන් ලෙස අත් අඩංගුවට ගෙන ඔවුන්ට පහර දී, වද දී ප්‍රකාශවලට අත්සන් ගෙන අධිකරණයට වාර්තා කරන අතර ඔවුන්ම ඒ සඳහා උපක්රමශීලීව සාක්ෂි නිර්මාණය කරයි. ඔවුන්ගේ වැරදි නිවරදිකම් බේරාගැනීමට අධිකරණයේ නඩුවකට පටලවන පොලිසිය දිගින් දිගටම අපරාධකරුවන් බවට මිනිසුන් පරිවර්තනය කිරීමෙන් කිසිම දිනක ශ්‍රී ලංකාව නියමිත දිශානතියට රැගෙන යාමට නොහැකි වනු ඇත.
එසේම කුඩා වැරදිවලට යම් පුද්ගලයෙකු පොලිස් ස්ථානයට කැද වූ විට එහි සිටින ඔහුගේ ඥාතීන් විසින් බලපෑම් කරමින් තමන්ගේ එකාව බේරාගැනීමට කටයුතු කරන අතර පොලිස් නිලධාරීන්ගේ නිවෙස් ආසන්නයේම පොලිස් ස්ථානවලට ඔවුන් සේවයට යෙදවීමෙන් මෙම ගැටළු නිර්මාණය වේ. එය අනෙකුත් රාජ්‍ය සේවකයන් තුලින්ද දැක ගත හැකිය. එසේම පොලිස් නිලධාරීන් අපරාධකරුවන්ගෙන් අල්ලස් ගැනීමද බහුල වශයෙන් දැකිය හැකි අතර ඔවුන්නොවුන් අතර රහසිගත සම්බන්ධතාවක් පවතී. ඒ ආකාරයෙන් කටයුතු කරන කණිෂ්ඨ පොලිස් නිලධාරියාගේ සිට ඉහලම පොලිස් නිලධාරියා දක්වාම සිටි.
නීතියට අනුව පොලිස් නිලධාරීන් වැඩනොකරන බව අමුතුවෙන් කියන්නට දෙයක් නැත. එවැනි දේවල් ඕනා තරම් අප දැක තිබේ. අවසන් වශයෙන් අප එය දුටුවේ පසුගියදා විශ්ව විද්‍යාල සිසුන්ට පහර දුන් අවස්ථාවේදීය. කිසිදු වරදක් නොකර තිබියදී පොලීසිය එදිනත් පහර දුන්නේය. ඒ ආකාරයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට ඉහලටත් පහළටත් සිදුකරනුලබන දැවැන්ත ඝනයේ අපරාධ ගනනාවක් සමාජය තුල සැගවී තිබේ. නමුත් ඒවාට මුහුණ දුන් පුද්ගලයන්ට ඒවා සමහගත කරන්නේ තමන්ට අසාධාරණයක් වන විටයි.
යම් පුද්ගලයෙකුට නඩුවක් පටලවීමට පෙර පැහැදිලි සාක්ෂි තිබිය යුතුය. එය නීතිය තුල පැහැදිලිවම සදහන් කර තිබේ . සාක්ෂි නොමැති නම් ඔවුන් පොලිස් ස්ථානයේදීම නිදහස් කල යුතුය. අමුත් නිවැරදි නම් හෝ අපරාධයක් අනාවරණය නොවන්නේ නම් හෝ වෙනත් බළල් අත්වැල් වලට ඕනා ආකාරයෙන් පොලීසිය “ නීතිය අතට ගෙන ගොරකා දඩමස් කරන්නේ නම්” ඉන් කියවෙන්නේ එවැනි පොලිස් නිලධාරීන් සොයා වෙනමම මෙහෙයුමක් සිදුකල යුතු බවය. ඒ සදහා ස්වාධීන පොලිස් අධීක්ෂක මණඩලයක් පිහිට විය යුතුව තිබේ. එය පොලිස් විනය පරීක්ෂණ සදහා පිහිටවන ලද පොලිස් නිලධරින්ගෙන් සමන්විත නොවන නවතම අංශයක් ලෙස ස්ථාපනය නොකර මේ ප්‍රශ්න විසදීමට නොහැකි වනු ඇත.
එබැවින් අප තව නොබෝ දිනකින්ම පොලිස් දෙපාර්තමේතුවේ නිලධාරීන්ගේ වංචා, දූෂණ, අක්‍රමිකතා, අසරණ මිනිසුන්ට නිරපරාදේ නඩුපැවරීම, නීතිය නැමීම, ගොරක දඩමස් කිරීම් ආදිය ඔවුන්ගේ නම් ගම් සහිතවම අනාවරණය කිරීමට කටයුතු කරමින් සිටි. ඒ වෙනුවෙන් අපගේ වෙබ් අඩවිය තුල වෙනමම කොටසක් වෙන් කර තිබෙන අතර වීඩියෝ සදහාද වෙනමම කොටස් එන කර තිබේ.