ශ්‍රී ලංකා පොලිසිය අපරාධකරුවන් බිහි කරයි. රට ගිනි තැබුවෝ නිදැල්ලේ – රැට්ටා ට නඩු . (වීඩියෝ)

විලි ලැජ්ජාවක් නැති වූ විට ඕනෑම ජරා වැඩක් කිරීමට ඕනෑම වැසියෙකුට හැකිය. ශ්‍රී ලංකාවට විලිලජ්ජාවක් නැති ජනතාවක් මෙන්ම දේශපාලනයන් බිහි කලේ අයහපත් පාලකයන් මෙන්ම පෞරුෂත්වයක් නැති නීතියට පයින් ගැසූ රාජ්‍ය නිලධාරින්ය.   

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබේ. හොදින් ස්ථාපනය වූ නීති පද්ධතියක් තිබේ. ඒවාට පයින් ගසමින් අනෙක් පුද්ගලයන් නිවැරදි වෙන්නට සැලසුම් සකස් කරන්නේ ඔවුන්ට රටක් හෝ හෙටක් අවශ්‍ය නැති නිසාය.

පසු ගිය 9 වැනිදා මෙන්ම ඊට පෙර මාර්තු මස 31 වැනිදාද මෙරට ක්‍රියාත්මක වුයේ ආරක්ෂක නිලධාරීන්ගේ පාතාලය නොහොත් මහජන මුදලින් වැටුප් ලබා ගන්නා ආරක්ෂක නිලධාරීන්ගේ ත්‍රස්තවාදයයි.

එය තවමත් අවසන් වී නැත. ආරක්ෂක අංශ නිලධාරීන් මෙන්ම තාවකාලිකව පාර්ලිමේන්තුවට යැවූ සමහර මහජන නියෝජිතයන්ගේ ත්‍රස්තවාදය නිසා ඇවිස්සුනු ශ්‍රී ලංකාවේ වැසියන් 2000 කට ආසන්න ප්‍රමාණයක් ඔවුන් විසින්ම අත් අඩංගුවට ගනිමින් සිටි. නමුත් මනුෂ්‍ය ඝාතනයට තැත් කල වැරදි කරුවන් වූ ඔවුන් තවමත් නිදැල්ලේය.

යු tube නාලිකාවක් පවත්වාගෙන යන රජයෙන් කිසිදු වැටුපක් නොලබන “ රැට්ටා ” නොහොත් රතිඳු සෙනරත්න මහතාද අද අත් අඩංගුවට ගෙන තිබේ. ඒ මැයි 25 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අධිකරණ කටයුතුවලට බාධා කිරීම, ඇතුළු චෝදනා කිහිපයකටයි. ඔහු මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මේ වන විට ඇප ලබා තිබේ. නමුත් ඔහු දිගින් දිගටම නඩුව සදහා මෙනි සිටිය යුතුය.

කෙසේ වුවත් ගිනි තිබ්බෝ තවමත් නිදල්ලේය. ශ්‍රී ලංකා පොලිසිය නීතියට පරිබාහිරව කටයුතු කිරීමේ වරදින් මේ වන විට අපරාධකරුවන් 2000 කට ආසන්න ප්‍රමාණයක් බිහි කර තිබේ. ශ්‍රී ලංකා පොලිසිය අපරාධකරුවන් බිහිකරන්නේ නම් අපටද ලියන්නට තිබෙන්නේ, ශ්‍රී ලංකා පොලිසියේ ගරුත්වය හානි කල පුද්ගලයන් දැන් වත් අත් අඩංගුවට ගෙන පොලිසියේ ගරුත්වය සුරැකීමට කටයුතු කරන ලෙසයි. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින විශිෂ්ඨ, දක්ෂ, නීතියට ගරු කරන පොලිස් නිලධාරීන් හෝ එකතු වීම තම පොලිස් දෙපාර්තමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීමට කාලය පැමිණ තිබේ.

එසේම පොලිස් දෙපාර්තමේන්තුව රැක ගැනීමට  මව්බිමට ආදරය කරන පුද්ගලයන්ගේද වග කීමක් බවට පත් වෙමින් තිබේ.

Exit mobile version