ශ්‍රී ලංකා පොලීසිය නොමග යැවූ චීන ජාතිකයා අත්අඩංගුවට

පසුගිය 19 වනදා තම නිවස  නාඳුනන කන්ඩායමක් විසින් මංකොල්ලකෑ බව පවසමින්  චීන ජාතිකයෙකු විසින් බොරැල්ල පොලීසියට පැමිණිලි කර ඇති බව සඳහන්වේ.

එම පිරිස විසින් තමාට අයත් මුදලින් කෝටි 4 ක් සහ දේපළ රැගෙන ගොස් ඇති බව පැමිණිලිකරු විසින් ප්‍රකාශ කොටතිබේ.

ඒ පිළිබදව විමර්ශන ආරම්භ කල කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය අනාවරණය කරගෙන ඇත්තේ මෙම මංකොල්ලය චීන ජාතික පැමිණිලිකරු විසින්ම සැලසුම් කොට මෙහෙයවන ලද ව්‍යාජ මංකොල්ලයක් බවයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන විමර්ශනය සිදුකොට ඇති අතර එහිදී  අනාවරණය වී ඇත්තේ මෙම චීන ජාතිකයා ජාත්‍යන්තර පිරමීඩ ජාවාරම්කරුවෙක් බවත් මොහු පෝට් සිටියේ ව්‍යාපාරයක් කරන බවට පවසමින් පිරමීඩ ජාවාරමේ යෙදෙන බවත්ය. 

අත්අඩංගුවට ගත් චීන ජාතිකයා හට කොළඹ  සුපිරි පන්නයේ මහල් නිවාස 7ක් තිබෙන බවත් ඔහු සන්තකයේ  තිබී නීතිවිරෝධී දුම්වැටි 30000 වැඩි ප්‍රමාණයක්, ජංගම දුරකථන 20 ක් හා ලැප්ටොප් පරිගණක 7ක් අත්අඩංගුවට  ගෙන ඇති බව සදහන්වේ.

පොලීසිය විසින් මෙම ජාවාරමට සම්බන්ධ චීන ජාතික සැකකරුවන් දෙදෙනෙක් සහ ලාංකික සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version