යුධ සමයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අණ දුන් විශිෂ්ඨ හමුදා නායකයන් වර්තමාන යුධ හමුදා පාලනයන් කෙරෙහි දැඩි අප්‍රසාධයක් පළකරති. පසුගිය අරගල සමයේද විශ්‍රාමික හමුදා නායකයන් දැඩි කනස්සල්ලෙන් යුතුව වර්තමාන හමුදා නායකත්වයන් දෙස බලන්නට විය. එකල සිටී විශිෂ්ට හමුදා නායකයෙක් වූ බොනිපස් පෙරේරා මහතාද තම මුහුණු පොතේ සටහනක් යොදමින් මැයි මස 9 වැනි ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස නම් කර තිබුණි. ඒ ආකාරයෙන්ම තවත් හිටපු හමුදා නායකයෙක් වර්තමාන යුධ හමුදාපති වරයා වෙත තම මුහුණු පොත ඔස්සේ අවවාදයක් ලබා දී තිබේ. එසේම විශ්‍රාමික හමුදා සෙබළුන් සහ නායකයන් සියලුම දෙනා පාහේ මෙම හමුදාවන් වලට සිදුවන හානියට එරෙහිව දැඩි අප්රසාධයකින් පසු වේ.
“විකුම්”
විකුම් ඔබේ නමට ගැලපෙන විදිහට හෝ හැසිරෙන්න. බළය හැමදාම රඳන්නේ නැහ. ෂවේන්ද්‍රට වුනු දෙයින් හෝ ඔබ පාඩමක් ඉගෙන ගත යුතුය. ෂවේන්ද්‍ර ඔබට වඩා ගව් ගානක් ඉහලින් උන්නේ. නමුත් අද ඔහුට අත් වෙලා තියෙන ඉරණම මොකක්ද?
ඔබද ඔය තනතුර කවදා හෝ අතහැර යා යුතුය, එසේ ඔබේ තනතුර හැර යෑ යුත්තේ ඉතාමත් ගෞරවණීය ලෙසටය.
අත්දැකීම් සහිතවයි සටහන යොදන්නේ. උදාහරණ විදිහට, මෙතෙක් කාළතුවක්කු හමුදාවෙන් යුදහමුදාපතීන්ලා තිදෙනෙකු බිහිවී ඇති අතර, ගෞරවණීය ලෙස විශ්‍රාමි ගිය ඔවුන් සමග මා කාළතුවක්කු හමුදා මධ්‍යස්ත සේනාවිධායක ලෙස සේවය කරන කාලේ ඉතා සමීපව කටයුතු කළෙමි. එකල්හි විශ්‍රාමික යුදහමුදා පතීවරු අසරණ වන අවස්තා මා අපමණ ලෙස අත්විඳ ඇත.
හැබයි ඔබ යටතේ ඇති හමුදාව හැසිරෙන්නේ මෙසේ නම් ඔබේ අනාගතය ඉතාමත් ඛේදජනක ලෙස අඳුරු වේවි. ඔබේ දරු පවුලටත් නින්දා විඳින්ට වේවි. කපටි දේශපාළුවන්ගේ අක්ඥාණ අණට බුද්ධිමත් භාවයෙන් තොරව අද කීකරු වුවහොත් ඔබත් ඔබ යටතේ ඇති කීර්තිමත් හමුදාවත් හෙට අතරමං වේවි.
පරිස්සමෙන්…
සද්භාවයෙන් සටහන යෙදුවේ,
සරත් විජේසිංහ මෙල්බර්න් නුවර සිට
ප. ලි: පින්තූරයෙහි කතෲභාවය හෝ සත්‍ය අසත්‍යතාව නොදනිමි
ගෝල්ෆේස් ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස නම් කරයි . කමල් ගුණරත්නට ප්‍රශ්න 7ක්. ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ ආශිර්වාදයෙන් සිදු වූ ප්‍රහාරයක්.