ශ්රීලන්කන් ගුවන් සේවයට අයත් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් යළි ගොඩබැස්වීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ අද (19) අලුයම ඉන්දියාවේ බැංගලෝර් බලා ගමන් ආරම්භ කළ ගුවන් යානයකි.
ගුවන්ගත වී මිනිත්තු 40කට ආසන්න කාලයක් පියාසර කළ යානයක් නැවත මෙලෙස කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීමට කටයුතු කර තිබේ.
එහි ගමන් කළ ගුවන් මගීන් අනතුරුව වෙනත් ගුවන් යානා මගින් ගමනාන්තය වෙත පිටත්කර යැවීමට පියවර ගෙන තිබූ බව සදහන් .