ශ්රී ලංකාව සහ ප්රංශය අතර සෘජු ගුවන් ගමන් වසර 06කට පසුව අද (31) සිට ආරම්භ කර ඇත.
සංචාරක අමාත්යංශය සඳහන් කළේ අද අලුයම 01.00ට යු.එල්.563 දරණ ශ්රී ලංකන් ගුවන් යානයක් පැරිස් නුවර චාර්ල් ඩි ගෝල් ගුවන්තොටුපොළ බලා පිටත්ව ගිය බවයි.
ඒ අනුව සෑම සතියකම බදාදා, සිකුරාදා සහ ඉරිදා ශ්රී ලංකන් ගුවන් යානයක් එලෙස පැරිස් නුවර බලා පිටත්වීමට නියමිත අතර එම දිනයන්හි ප්රංශයේ සිට ද ශ්රී ලංකාව බලා ගුවන් යානයක් පැමිණීමට නියමිතව ඇති බව ද සංචාරක අමාත්යංශය සඳහන් කරයි.