ශ්‍රී ලංකාවට ආඩම්භරයක් එක්කළ ක්‍රීඩකයින් දෙදෙනා අගමැති හමුවට

අද (08) අරලියගහ මන්දිරයේ දී ටෝකියෝ නුවර පැවති පැරාලිම්පික් 2020 තරඟාවලියේ දී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් දිනාගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කු දෙදෙනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

මෙහි දී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ පැරාලිම්පික් තරඟබිමේ නව වාර්තා තබමින් ලැබූ ජයග්‍රහණයන් ශ්‍රී ලංකා අභිමානය ජාත්‍යන්තරය තුළ ගෞරවාදරයට ලක්කිරීමක් බවය.

ඔවුන් දෙනොට සුබ පැතුම් එක්කරමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ රටට අභිමානයක් එක් කිරීමට කැපවන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව සැපයීමට රජය පියවර ගන්නා බවය.

Exit mobile version