ශ්‍රී ලංකාවේ කළු දිලීර රෝගීන් හමු වූ ප්‍රදේශ

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ කොවිඩ් ආසාදිතයින් අතරින් කළු දිලීර රෝගය වාර්තා වූ රෝගීන් කොළඹ,කුරුණෑගල සහ රත්නපුර ප්‍රදේශවලින් මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

මෙම දිලීරය සමේ, නාසය, මොළය අශ්‍රිතව ,පෙනහළුවල, ඇස හෝ ඇස ආශ්‍රිතව ,ශරීරයේ අභ්‍යන්තරව තිබෙන මතුපිටවල් ඕනෑම තැනක හටගත හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දී ඇත්තේ.

මෙම දිලීරය ශරීරගතවෙලා ආසාදන තත්ත්වයට පත්වෙන්නේ ප්‍රතිශක්තිකරණය ඉතාමත් දුර්වල අයට වන අතර මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වන රෝගයක් නොවන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය අද (15) කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා විසින් මෙම අදහස් දක්වා ඇත.

Exit mobile version