දින 05ක කාලයක් ප්‍රමාද වී තිබූ කොවිඩ් පරීක්ෂණවල වාර්තාවන් ලැබීමත් සමග සමස්ථ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 468, 899ක් දක්වා අද (07) ඉහළ ගොස් ඇත.
එලෙස ආසාදිත ලැයිස්තුවට ඇතුලත් කර ඇත්තේ පසුගිය 01 වන දා සිට 05 වන දා තෙක් ප්‍රමාද වී තිබූ ආසාදිතයින් 2,950 දෙනෙකු ය.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 72,070 ක් ලෙස ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.