ශ්‍රී ලංකාවේ රෝහල් තුළ දැඩි අර්බුදයක්.

වර්තමානය වන විට ලංකාව තුළ රෝහල් ධාරිතාවය ඉක්මවා ගොස් ඇති අතර දෛනික මරණ අනුපාතය ද ඉහළ යමින් පවතියි.මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ බලධාරීන් සිකුරාදා දින සංචරණ සීමා හා සෞඛ්‍ය නීති දැඩි කර ඇත. වැඩිවෙමින් පවතින සෞඛ්‍ය අර්බුදය හේතුවෙන් සැප්තැම්බර් 01 වන දා දක්වා රාජ්‍ය උත්සව හා මහජන රැස්වීම් සියල්ල තහනම් කළ බව රජය පැවසීය.සඳුදා සිට නැවත සේවයට පැමිණෙන ලෙස රාජ්‍ය සේවකයන්ට කලින් නියෝග කළ ද එම නියෝගය අවලංගු කරමින් ආයතනයේ සේවයට එදිනට වාර්තා කළ යුත්තේ කවුරුන් ද යන්න තීරණය කිරීම එම ආයතනික ප්‍රධානීන්ට භාර දී ඇත.

මාසයකට පමණ පෙර පැවති කොරෝනා මරණ හා රෝගීන් සංඛ්‍යාව පසුගිය සතිය තුළ දී දෙගුණයකින් වැඩි වීමත් සමඟ මෙම නව සීමාවන් පැනවීම සිදු කර ඇත. ශ්‍රී ලංකාවේ රූපවාහිනී නිවේදිකාවක වන තිලක්ෂානි මධුවන්ති විසින් රජයේ දකුණු කොළඹ රෝහලේ රෝගීන් තිදෙනෙකු තනි ඇඳක් බෙදා ගන්නා අයුරු දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයට බෙදා හැර ඇත. ඇය තවදුරටත් පැවසුවේ රෝගීන් දෙදෙනෙක් ම ඇය ඉදිරිපිට දීම මියගිය බවත් රෝහලේ ධාරිතාව ඉක්මවා ගොස් ඇති බැවින් රෝගීන්ට ගස් යටදී ද ප්‍රතිකාර කිරීමට සිදුව ඇති බවත් ය.

“මාස කිහිපයකට පෙර ජනාකීර්ණ වූ රෝහල් වලින් පිටත දී ද මිනිසුන් මියගිය ඉන්දියාව ගැන අප වාර්තා කළ දේ දැන් මගේ ඇස් ඉදිරිපිටම සිදුවෙමින් පවති” යනුවෙන් ඇය ඇයගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.සමාජ මාධ්‍ය තුළ පල කරන ලද වෙනත් පෝස්ට් වල අගනුවරිිින් පිටත රෝහල් දෙකක මළ සිරුරු ගොඩ ගසා ඇති අයුරු පෙන්නුම් කර තිබුණි.

මෙම තත්ත්වය උත්සන්න වීමත් සමග සෞඛ්‍ය නීති දැඩි කරමින් අවමංගල්‍ය උත්සව සඳහා සහභාගී විය හැක්කේ 150 කට නොවැඩි පිරිසක් ලෙසත්, විවාහ මංගල්‍ය උත්සව ආදිය සඳහා 150 – 500 අතර පිරිසක් සහභාගී කරවා ගත හැකි ලෙසට සීමා පනවන ලදී. රජය විසින් පසුගිය මස කොවිඩ් තහනම ලිහිල් කරනු ලැබුවේ එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමත් සමග ය.මේ වන විට මිලියන 21 ක් පමණ වූ ජනගහණයෙන් මිලියන 10 කට වැඩි පිරිසකට අවම වශයෙන් පළමු එන්නත හෝ ලබා දී අවසන් කර ඇත.

එන්නත්කරණය තිබියදීත්, ආසාදිතයින් සංඛ්‍යාව දෛනික සාමාන්‍යය 2500 ට වඩා දෙගුණයක් පමණ වී ඇති අතර දෛනික මරණ සංඛ්‍යා 80 ඉක්මවා ගොස් ඇත.නිල දත්තවලට අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 4817 ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 325,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.නමුත් විශේෂඥයින් පවසන්නේ සත්‍ය අගය ඊට වඩා බෙහෙවින් වැඩි බවයි.මෙම තත්ත්වය තව තවත් උත්සන්න උවහොත් ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වෛරසය පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්විය හැකිය. මේ නිසා රජය විසින් දැනුවත් කරන සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සංචරණ සීමා කරමින් හැකිතාක් නිවසේම රැඳී සිටිමින් තවත් මිනිස් ජීවත විනාශ වීමට ඉඩ නොදී මෙම තත්ත්වය පාලනය කර ගැනීමට අප සියල්ලන්ගේ සහයෝගය දක්වමු.

Exit mobile version