ඊයේ (25) දිනයේ දී මෙරට ඉදි වූ විශාලම PCR පරීක්ෂණාගාරයේ පරීක්ෂණ කටයුතු නිල වශයෙන් ආරම්භ කර ඇත්තේ ඊයේ පසුවරුවේ එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි සිට මෙරටට පැමිණි 53 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කිරීමෙනි.
මෙම PCR පරීක්ෂණාගාරය පසුගිය 23 වන දින සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අතින් විවෘත කර ඇති අතර එය කටුනායක 18 කණුව ප්‍රදේශයේ පිහිටා ඇත.
මෙය ඉදිකර ඇත්තේ ගුවන් තොටුපොළ ,ගුවන් සේවා සමාගම සහ පෞද්ගලික ආයතනයක් එක්වී අමෙරිකානු ඩොලර් මිලියන 5ක වියදමකින් වන අතර මෙම ස්ථානයේ දී PCR පරීක්ෂණය සිදු කර එහි ප්‍රතිඵල පැය 03ක වැනි කෙටි කාලයකින් ලබා දීමේ හැකියාව ද ඇති බව පැවසේ.