ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන ලද බලලත් නිලධාරිවරයෙකු විසින් හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන සුමංගල ඩයස් මහතාට විරුද්දව , ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සහිතව අපරාධ චෝදනා යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. සුමංගල ඩයස් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාපතිවරයා වන අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, ආරක්ෂක ලේකම්වරයාට, පොලිස්පතිවයාට සහ වර්තමාන ගුවන් හමුදාපති සුදර්ශන් පතිරණ මහතාටද පිටපත් සහිතව මෙම පැමිණිල්ල ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ලේ පහත පරිදි චෝදනා සදහන් කර තිබේ.
2019, 2020 වර්ෂ වල රජය මගින් ගුවන් හමුදා සේවකයන් නඩත්තු කිරීමට ලබා දුන් මුදල් වලින් ඔවුන්ට අවශ්‍ය නිල ඇදුම් ලබා දී නැත. එයින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහ රජයට දැඩි අපකීර්තියක් සිදු වීම.
ගුවන් හමුදාපතිව සිටියදී ගුවන් හමුදාවට නොහොත් රජයට අයත් භාණ්ඩ සහ සේවකයන් යොදා ගනිමින් කෝටි ගණන් වටිනා භාණ්ඩ සකසා තම නිවසට රැගෙන යාම. මේ පිලිබදව ගුවන් හමුදාවෙන් පරීක්ෂණයක් සිදු කර තිබුනද, එය නිසි ලෙස සිදු වී නැති බැවින් ඒ පිලිබදව සොයා බලා වංචාව අනාවරණය කර ගැනීම.
අභියාචනාධිකරණයට අපහාස කිරීම.
ගුවන් හමුදාපති තනතුරට පත්වන විට හිටපු ගුවන් හමුදාපතිගේ කාර්ය මණ්ඩලයම තමාගේ කටයුතුවලට යොදා ගන්නා බව මාධ්‍යවලට පවසා ප්‍රසිද්ධ කර ඔවුන් සියලු දෙනාම හෙමින් සීරුවේ ඉවත්කර මාස තුනකට අධික කාලයක් රාජකාරියකට යොමු නොකර රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම.
ගුවන් හමුදාපතිව සිටියදී, කල් ඉකුත් වූ බෙහෙත් ගුවන් භටයන්ට සහ නිලධාරීන්ට ලබා දීම. 2020 නොවැම්බර් මසට පෙර ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කල් ඉකුත් වූ බෙහෙත් අසනීප වූ ගුවන් හමුදා නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට නිකුත් කරන ලෙස නියෝග ලබා දී තිබෙන බව වාර්තා වේ.
ඔහුට පෙර සිටි ගුවන් හමුදාපතිගේ කාර්යමණ්ඩලයේ සිටි හමුදා සාමාජිකයන්ගෙන් පලි ගැනීම.
යහසාදනය නමැති අරමුදල් ගැටලුවකදී, ගුවන් හමුදාවේ රහස් රාජ්‍ය විරෝදී කුමන්ත්‍රණ කරුවන් පිරිසකට ලබා දෙමින් කුමන්ත්‍රණයක් කරවීම.
රාජ්‍ය විරෝදී කුමන්ත්‍රණ කරුවන් සමග සාකච්චා කිරීම සහ ඔවුන්ව ගුවන් හමුදා මූලස්ථානය වෙත කැදවීම.
ජෛව පද්දති ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපනය වෙමින් තිබු බලකායක් විසුරුවා හැරීම.
ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව උල්ලංඝණය කිරීම.
රත්මලාන ගුවන් හමුදා කඳවුරු සංකීර්ණයේ ඉදිකළ ක්‍රීඩාංගනය ඉදිකරන සමයේ සිදු කල වංචා දූෂණ.
නිසි දඩුවමක් නොලද යකඩ විකුනා සිදු කල කෝටි ගණනක මුදල් වංචාවෙන් රජයට සිදු වූ හානිය එවකට සිටි හමුදා ප්‍රධානීන් විසින් අය කරගෙන තිබේද ?. නැතිනම් ඒ පිලිබදව නැවත විමර්ශනය කිරීම.
ඔහුගේ පාලන කාලය තුල තහනම් මත්ද්‍රවය ලබා ගත් බවට චෝදනා ලත් නිලධාරීන් 13 දෙනෙකුට කිසිදු දඩුවමක් ලබා නොදී ඒවා වසන් කිරීම සහ එවැනි චෝදනා ලත් සාමාන්‍ය නිලයන් හමුදා සේවයෙන් පහ කිරීම. එසේ කිරීමෙන් සමාජයට දැඩි හානියක් සිදු වීම.
ගුවන් හමුදාපති තනතුර ලබා ගැනීම සදහා කුමන්ත්‍රණ කිරීම සහ එතුලින් එම තනතුර ලබා ගැනීම.
Covid සමග බිඳ වැටෙන ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීම සදහා ජනාධිපතිතුමන් වෙත භාරදීමට ලබා දී ඇති යෝජනා සහ සැලසුම් ජනාධිපතිතුමන් වෙත යොමු නොකිරීම.
ගුවන් හමුදා සාමාජිකයන්ට සහ ශ්‍රී ලාංකිකයනට සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවන් ඉගෙන ගැනීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අන්තර්ජාලයට එකතු කරන ලද www.trilingual.lk යන වෙබ් අඩවිය අක්‍රීය කරවීම සහ ඒ වෙනුවෙන් වියදම් කල මහජන මුදල් අපතේ යැවීම.
නීති විරෝදී පරිගඝණක පද්ධතියක් ස්ථාපනය කරමින් මුදල් රෙගුලාසි උල්ලංඝණය කරමින්, එම පරිගණක පද්දතිය භාවිතා කරමින් ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරමින් ඒවා නීතිවිරෝදී ලෙස තම නිවසට රැගෙන යාම.
මුදල් රෙගුලාසි උල්ලංඝණය කරමින් සකසන ලද පරිඝණක පද්ධතිය නීත්‍යානුකූල පද්ධතියක් ලෙස හුවා දක්වමින් ගුවන් භටයන්ට සහ නිලධාරීන්ට ඉගැන්වීමට අනුමත කිරීම සහ එම පද්ධතිය තුලින් මේ වන විටත් කොටි ගණනක් වන රාජ්‍ය භාණ්ඩ සහ සේවා සොරකම් කර තිබීම සහ ගුවන් හමුදා නිලදාරීන්ගේ සහ භටයන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය අහිමි කිරීම.
මෙම පරිගණක පද්ධතිය හේතුවෙන් මේ වන විටත් කටුනායක ගුවන් හමුදා කදවුරේ සලාක සැපයුම් අංශයේ රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුව තිබෙන බව අපට දැනගන්න තිබෙන අතර එම වංචාවන් ඉදිරියේදීද සිදු වීම සිදු වන අතර නීතියට අනුව මේ පද්ධතිය තුලින් සිදු වන ගනු දෙනු අය කර ගැනීමට හැකියාවක් නොමැති අතර ගුවන් හමුදාව සේවකයන්ට මෙම පරිගණක පද්ධතිය හරහා මහාපරිමාණ මෙන්ම සුළු පරිමාණ වංචා සිදු කිරීම සදහා සුමංගල ඩයස් මහතා ආධාර අනුබල දීම සිදු කර තිබේ.
2020 මාර්තු මසදී ආරම්භ කර ඇති මෙම නීතිවිරෝදී පරිඝණක පද්දතිය (EPAS) (Equipment Provisioning and Accounting System) සැකසීම සහ අනුමත කිරීම සිදු කිරීමට ආධාර අනුබලදීම ගුවන් හමුදාවේ 2020 දී හිටපු සැපයුම් අධ්‍යක්ෂකවරයෙකු වන ගුවන් මාර්ෂල් WKM සනත් ප්‍රියන්ත වීරසිංහ (WKMSP වීරසිංහ) යන අයද සම්බන්ද වන අතර ඔහුද මුදල් රෙගුලාසි උල්ලංඝණය කිරීම, වැරදි කිරීම සදහා ආධාර අනුබල දීම, වැරදි දේ සත්‍ය ලෙස හුවා දක්වමින් බොරු ඉගැන්වීම සදහා බල කිරීම, හිටපු ගුවන් හමුදාපතිගේ කාර්ය මණ්ඩලයේ තමන් යටතේ සිටි අයගෙන් පලි ගැනීම, ගුවන් හමුදා භටයන්ගේ සහ නිලධාරීන්ගේ රකුයාවේ සුරක්ෂිතභාවය අහිමි කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස කටයුතු සිදු කිරීම.
විශේෂයෙන්ම මෙසේ කෲර සහ අමානුෂික නින්දිත ලෙස සැලකීම සහ එවැනි දඩුවම් වලට එරෙහි වූ ජාත්‍යයන්තර සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති අතර 1994 අංක 22 දරන වධ දීම, කෲර සහ අමානුෂික නින්දිත ලෙස සැලකීම, දඩුවම් වලට එරෙහි වූ සම්මුතිය පිළිබඳ පනත ශ්‍රී ලංකාව තුලද ක්‍රියාත්මක වන බවද එහි සදහන්ය.
හමුදා නායකයන් ලෙස ඉහත ලෙස කටයුතු කිරීමෙන් ජාතික ආරක්ෂාව නැති වන අතර, සමස්ත හමුදාවම වැරදි මග තෝරා ගැනීමෙන් දූෂිත හමුදාවක් බිහි වන බවද ඉහත චෝදනා සදහා සියලු සාක්ෂි තිබෙන අතර අවශ්‍ය අවස්ථාවලදී ඒවා ඉදිරිපත් කරන බැවින් මෙහි මූලික විමර්ෂණ ආරම්භ කරන ලෙස ද, අපරාධ පිළිබද තොරතුරු ලබා දීමේ පුරවැසි අයිතිවාසිකම සහ ඒ වෙනුවෙන් නීතිමය වශයෙන් බැදී සිටින බැවින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බවද වැඩි දුරටත් සදහන් කර තිබේ . එසේම අධිකරණ කටයුතු සිදු කිරීම සදහා අවශ්‍ය ප්‍රබල සාක්ෂි ගොඩ නගා ගැනීම සදහා විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසද එම පැමිණිල්ල තුලින් ඉල්ලා තිබේ.
පවතින කොවිඩ් ව්‍යාප්තියේ බලපෑම හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා වලට ගරු කරමින් ලියාපදිංචි තැපැල් මගින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.