අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ මෙරට කලාපයේ ගෝලීය සමුද්‍රීය තිරසර කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට රජය කැපවී කටයුතු කරන බවයි.
අගමැතිවරයා පෙන්වා දෙන්නේ ඉන්දියන් සාගරයෙන් වටව පිහිටා ඇති අගනා දූපත් රාජ්‍ය වශයෙන් සාගරයට මෙන් ම එහි වෙසෙන ජනතාවට ද ගෞරව කිරීමටත් ඉන්දියන් සාගරය ආරක්ෂා කිරීමටත් විශාල වගකීමක් ශ්‍රී ලංකාව සතුව පවතින බවයි.
ඊයේ (07) මාර්ගගත වීඩියෝ තාක්ෂණය ඔස්සේ “ද ඉකොනොමිස්” කණ්ඩායම විසින් සංවිධානය කරන ලද ආසියා පැසිෆික් කලාපීය ලෝක සාගර සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍යවරයා විසින් මේ පිළිබඳව සඳහන් කර ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි දී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා සැලකිය යුතු මූල්‍ය සහ මානව සම්පත් අවශ්‍ය වන බැවින්, සාගර සුවතාව වැඩිදියුණු කිරීමට සහ සමුද්‍ර ජෛව විවිධත්වය ඉහළ නැංවීම සඳහා සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයන් වෙත තිරසාර සමුද්‍ර තාක්ෂණය සහ දැනුමෙන් සන්නද්ධ සංවර්ධිත රටවලට ආරාධනා කර සිටින බවයි.