ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා නව විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා හමුවී ඇති අතර එහිදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කම්හල් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු වී ඇත.
2016 දී අවසන් වරට කැඳවනු ලැබූ ඉන්දු-ලංකා ඒකාබද්ධ කොමිසම ඉක්මනින් කැඳ වීමේ හැකියාව පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කර තිබේ.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලෙසිනා ටෙප්ලිස්ට් මහත්මිය ද හමුවී තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා සහ මහාචාර්ය ජී එල් පීරිස් මහතා අතර ද හමුවක් සිදුවිය.